දියවැඩියාවෙන් පෙළෙන විට තමන්ගේ පාද පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් ය. දියවැඩියා රෝගීන්ගෙන් 20% ප්‍රමාණයක් රෝහල් ගත වන්නේ කකුල් ආශ්‍රිත ගැටළු නිසා ය.
Read moreදියවැඩියාවෙන් පෙළෙන විට තමන්ගේ පාද පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් ය. දියවැඩියා රෝගීන්ගෙන් 20% ප්‍රමාණයක් රෝහල් ගත වන්නේ කකුල් ආශ්‍රිත ගැටළු නිසා ය. දියවැඩියා තුවාල නිසා ශරීරයේ පහළ කොටස් කපා ඉවත් කිරීමට සිදුවීම ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද දැකිය හැකි සුලභ තත්ත්වයකි.
අනෙකුත් තත්ත්වයන්ට සාපේක්ෂව දියවැඩියාව නිසා පාද ආශ්‍රිත රෝග ඉහළ යන්නේ ඇයි?
දියවැඩියා රෝගී තත්ත්වය පාද සඳහා විවිධාකාරයෙන් බලපායි.
ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබගේ පාද පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද?
ඔබ දියවැඩියාවෙන් පෙළෙන්නෙක් නම් ඔබගේ මුහුණට වඩා ඔබ ඔබගේ පාදයන්ට අවධානය යොමු කළ යුතුවේ. සෑම වෛද්‍ය හමුවක දී ම ඔබගේ පාද වෛද්‍යවරයාට පෙන්වන්න. වෛද්‍යවරයා පාද පරීක්ෂා කරන විට දී මේස් ඉවත් කර සිටීමට කල්පනාකාරී වන්න.
ඔබගේ පාද පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබට දියවැඩියාව ඇත්නම් ඔබගේ පාද සාමාන්‍ය තත්ත්වයේ ඇතැයි නොසිතන්න. ඔබට උපතේ දී ම ලැබී ඇති වටිනා පාද ආරක්ෂාකර ගන්න. මන්ද ඔබ පාද පිළිබඳව සැලකිලිමත් නොවූවහොත් මෙලොව ඇති කිසිවකින් ඔබගේ පාදයෙහි හි ඇති වටිනාකම ඔබට යළි ලබා දිය නොහැකිය.
දියවැඩියාව ඇති පුද්ගලයින් ඇතැම් ඇස් ආශ්‍රිත රෝග වැළඳීම සඳහා නැඹුරුතාවයක් දක්වයි. මෙම තත්ත්වයන් නිසා දරුණු දෘෂ්ටි පිරිහීමක් හෝ අන්ධභාවයක් ඇති විය හැකිය.
Read moreදියවැඩියාව ඇති පුද්ගලයින් ඇතැම් ඇස් ආශ්‍රිත රෝග වැළඳීම සඳහා නැඹුරුතාවයක් දක්වයි. මෙම තත්ත්වයන් නිසා දරුණු දෘෂ්ටි පිරිහීමක් හෝ අන්ධභාවයක් ඇති විය හැකිය.
දියවැඩියාව නිසා ඇති වන ඇස් රෝග:
ඇසෙහි සුද
ඇසෙහි කාචය මත වලාකුළක් මෙන් ඇති වීම මෙලෙස හඳුන්වන අතර රෝගය ඇති පුද්ගලයින්ගේ මුල් කාලයේ දී මෙය සංවර්ධනය වේ.
ග්ලුකෝමා
ඇස තුළ ඇති තරලයේ පීඩනය වැඩි වී දෘෂ්ටිය නැති වී යාම මෙලෙස හඳුන්වයි. දියවැඩියා රෝගියෙකුට මෙම තත්ත්වය ඇති වීම සාමාන්‍ය පුද්ගලයෙකුට ග්ලුකෝමා වැළඳීමට වඩා දෙගුණයක් වැඩි ය.
ඩයබිටික් රෙටිනෝපති
දියවැඩියා රෝගීන්ට බහුල වශයෙන් වැළඳෙන ඇස් රෝගය මෙය වනවා සේ ම වැඩිහිටියන් බහුල වශයෙන් මෙයට ගොදුරු වේ. දෘෂ්ටි විතානයේ ඇති රුධිර වාහිනී හි ඇති වන වෙනස්කම් නිසා මෙය හට ගනියි. දෘෂ්ටිවිතානය යනු ආලෝකයට සංවේදී ඇස පිටුපස ඇති ස්ථරය යි. ඩයබිටික් රෙටිනෝපති හි ප්රභේද ගණනාවකි.
බැක්ග්රවුන්ඩ් ඩයබිටික් රෙටිනෝපති
දෘෂ්ටි විතානයේ ඇති රුධිර වාහිනී හානි වීමෙන් තරලයක් කාන්දුවීමට හෝ රුධිරය වහනය වීමට හැකිය. මේ නිසා දෘෂ්ටි විතානය ඉදිමීමට සහ එක්සුඩේට්ස් ඇති වීම සිදුවේ.
ප්රෝලිෆරෙටිව් ඩයබිටික් රෙටිනෝපති
මෙම තත්ත්වය ඩයබිටික් රෙටිනෝපති හි සංකීර්ණ තත්ත්වයකි. රෙටිනෝපති නිසා දෘෂ්ටි විතානයේ රුධිර වාහිනී අවහිර වේ. මෙමගින් නව රුධිර නාලිකා වර්ධනය වේ. මෙම නව රුධිර වාහිනී ඉතාමත් ඉක්මනින් හානිවිය හැකි අතර පහසුවෙන් රුධිර වහනය විය හැකිය.
ඩයබිටික් රෙටිනෝපති හඳුනා ගත හැක්කේ දැක්වෙන කොටස් අඩංගු පුළුල් ඇස් පරීක්ෂණයකින් පමණි.
මෙම සටහන මගින් දුරක සිට ඔබගේ දැක්ම කෙතරම් ද යන්න මැන ගත හැක.
දියවැඩියා රෝගීන්ගේ සහ රෝගයේ මූලික අදියරෙහි සිටින්නන්ට අදාළ සමස්ත පාද සත්කාරය කෙරෙහි සහ පෙඩියට්රික් ප්‍රතිකාර සඳහා නිසි ආකාරයේ පාවහන් ඉතාමත් වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි.
Read moreදියවැඩියා රෝගීන්ගේ සහ රෝගයේ මූලික අදියරෙහි සිටින්නන්ට අදාළ සමස්ත පාද සත්කාරය කෙරෙහි සහ පෙඩියට්රික් ප්‍රතිකාර සඳහා නිසි ආකාරයේ පාවහන් ඉතාමත් වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි. යමෙකුට දියවැඩියාව ඇත්නම් නිසි පාවහන් පැළඳීම ඉතාමත් වැදගත් වේ. දියවැඩියාට රෝගීන්ට සාමාන්‍යයෙන් ඇති සපත්තුවලට සාපේක්ෂව දියවැඩියා රෝගීන් සඳහා ඇති පාවහන්හි ප්‍රතිලාභ රැසකි. මෙම විශේෂ පාවහන්වල ඇඟිලි සඳහා අවශ්‍ය පරිදි අවකාශය, ලිස්සන සුළු නොවන, සෞම්‍ය, කුෂන් කරන ලද ආවරණයක් ඇත. ස්නායු රෝග පිළිබඳව, සංවේදනය පිළිබඳව යම් සාක්ෂියක් ඇත්නම් නිවැරදි ම පාවහන් තෝරා ගැනීම යනු ඉතාමත් තීරණාත්මක කාරණයකි.
වැරදි වර්ගයේ සපත්තු මගින් ඇති වන අමතර පීඩනය සහ ඝර්ෂණය හෝ නුසුදුසු සපත්තු නිසා බිබිලි, ගොරෝසු සම, කරගැට, වණ ආදිය රෝගී සමක පමණක් නොව නිරෝගී සම මත ද ඇති විය හැකිය. විශේෂ සපත්තු පැළඳීමෙන් බොහෝ රෝගීන්ට බරපතළ දියවැඩියා පාද සංකීර්ණතා වළක්වා ගත හැකිය. එසේම නිවැරදි වර්ගයේ සපත්තු, නිවැරදි ප්‍රමාණයෙන් තෝරා ගැනීම මගින් අනාගතයේ දී ඇති විය හැකි තත්ත්වයන් වළක්වා ගත හැකිය.
පාවහන් නිසා පාදයේ අනවශ්ය පීඩනයක් ඇති වන ස්ථානයන්හි කරගැට, රළු හම, තුවාල වැනි තත්ත්වයන් ඇති විය හැකිය. දියවැඩියාව සඳහා ඇති පාවහන් නිසා මෙම අධික පීඩනයක් ඇති ස්ථාන වළක්වා ගැනීමට හැකි නිසා දියවැඩියාව නිසා ඇති වන පාද ආශ්‍රිත ගැටළු අවම වේ.
විශේෂ සපත්තු පැළඳීමෙන් සමස්ත පාදයේ පතුලට ඇති වන කම්පනය අවම වේ.
විකලාංග ඇතිවන්නේ චර්කොට් සහභාගිත්වය, බදින සැත්කම, මේද පටකය නොමැති වීම, නැවී ඉදිමුණු ඇඟිලි වැනි තත්ත්වයන් නිසා ය.වේදනාව නැති කර ගැනීමට සහ තවදුරටත් හානි වීම වළක්වා ගැනීමට ඒවා කපා ඉවත් කළ යුතුය. විශේෂයෙන් නිපදවූ සපත්තු නිසා මෙම තත්ත්වයන් දියුණුවීමේ අවදානම අවම වේ.
ඕෆ් ලෝඩර්ඩ් ඉන්හොල්හ්ස් පැළඳීම නිසා, කරගැට සහ තුවාල ඉක්මනින් සුව වීමේ ප්‍රවණතාවයක් ඇත.
විශේෂයෙන් නිපදවන සපත්තුවල ඇතැම් සන්ධිහි චලනයන් පාලනය කරයි. මේ නිසා බොහෝ විට දැවිල්ල, වේදනාව අඩු වීම සහ වැඩ ස්ථාවර සහ ක්‍රියාශීලි පාද සඳහා මගපාදයි. පාදයන්හි විරූපිතා හෝ ගැටළු ඇති අය තමන්ගේ පාදයේ හැඩය සහ ප්‍රමාණයට තැනූ විශේෂයෙන් නිපදවා ගත් දියවැඩියාව සඳහා විශේෂ වූ සපත්තු පැළඳිය යුතුය.
ශල්‍යකර්මයකින් තොරව පාදයන්හි ඇති ගැටළු නිවැරදි කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයන් ඔර්තටික් ලෙස හඳුන්වයි. සිලිකන් ජෙල් ඉන්සොල්ස්, කුෂන්, ඇඟිලි වෙන් කිරීමට යොදා ගන්නා අයිතම, මෙටාට්රාස්ල් පෑඩ්, ඇගිලි සුරැකුම් සහ ආරුක්කු ආධාර යනාදිය ඔර්තටික් ක්‍රමවේදයන්ට ඇතුළත් ය. පාදයේ ඇති ගැටලුවට අනුව නිසි පරිදි ඔර්තටික් ක්‍රමවේදය තෝරා ගත යුතුය.
දියවැඩියාව යනු ශරීරය පිරිහීමට පත්වන රෝගී තත්ත්වයක් නිසා ග්ලුකෝස් මට්ටම පාලනය කිරීම ඉතාමත් වැදගත්.
Read moreදියවැඩියාව යනු ශරීරය පිරිහීමට පත්වන රෝගී තත්ත්වයක් නිසා ග්ලුකෝස් මට්ටම පාලනය කිරීම ඉතාමත් වැදගත්. බෙහෙත් ගැනීමට අමතරව නිතිපතා ව්‍යායාම සිදු කිරීම, ආහාර පාලනය මගින් විශාල ලෙස පාලනය කළ හැකිය.
ශරීරයේ සෑම අවයවයකට ම දියවැඩියාවේ බලපෑම ඇති නිසා නිතිපතා ව්‍යායාම සිදු කිරීම, විධිමත් ආහාර රටාවන් පවත්වා ගැනීම මගින් එදිනෙදා ජීවිතයේ දී රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කර ගත හැකිය. එමගින් දීර්ඝ කාලීනව ශරීරයේ අවයවහි ඇතිවන සංකීර්ණතා වළක්වා ගත හැකිය.
දියවැඩියාව සඳහා ම ආහාර වේල් නොමැති වුවත් දියවැඩියාව ඇති සෑම කෙනෙක්ම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන ආහාර වර්ග ගැනීමටත්, ඒවා නිසි ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීමටත් සැලකිලිමත් විය යුතුය.
දියවැඩියා රෝගියකුගේ ආහාර රටාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතු ඇතැම් කරුණු පහත දක්වා ඇත.
නිරතුරු ලබා ගත හැකි ආහාර:
නිතර ආහාරයට නොගත යුතු හෝ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු දෑ:
පොදුවේ ඉහත සඳහන් කළ ආහාර භාවිතයෙන් වැළකිය යුතුය. නමුත් එකිනෙකාගේ සෞඛ්‍ය තත්ත්වය, බර, ශාරීරික ක්‍රියාකාරකම් වැනි සාධක මත පදනම්ව නිර්දේශයන් වෙනස් වේ.
ඔබගේ ආහාර සහ පෝෂණවේදී විශේෂඥවරයා සමග ඔබගේ සෞඛ්‍ය තත්ත්වය, කෑම රුචිය, ආහාර ලබා ගත හැකි ආකාරය, සැකසීම සහ ඔබගේ ශරීර ක්‍රියාකාරකම් මට්ටමට අදාළ විස්තර සාකච්ඡා කරන්න.
සෙලින්කෝ හෙල්ත් රසායනාගාරයේ සේවක මණ්ඩලය තත්ත්වයෙන් උසස් විශ්ලේෂණාත්මකව රෝග විනිශ්චයක් ලබාදීම අපගේ පරිභෝගිකයින් හට ඉහළ ම සේවාවක් ලබා දීමට සැදී පැහැදී සිටියි. අපගේ රසායනාගාර සේවාව හරහා වෘත්තිය සහ සාරධාර්මික වටිනාකම් රැක ගැනීමට අප කැපවෙමු.
Read moreසෙලින්කෝ හෙල්ත් රසායනාගාරයේ සේවක මණ්ඩලය තත්ත්වයෙන් උසස් විශ්ලේෂණාත්මකව රෝග විනිශ්චයක් ලබාදීම අපගේ පරිභෝගිකයින් හට ඉහළ ම සේවාවක් ලබා දීමට සැදී පැහැදී සිටියි. අපගේ රසායනාගාර සේවාව හරහා වෘත්තිය සහ සාරධාර්මික වටිනාකම් රැක ගැනීමට අප කැපවෙමු.
ඉහළ ම පාරිභෝගික තෘප්තියක් තහවුරු කරමින්, දේශීය සහ විදේශීය තත්ත්ව පාලන ප්රමිතීන්ට අනුව නිරතුරු වැඩි දියුණු වෙමින් සිටිමු. (ජාත්යන්තර තත්ත්ව පාලන වැඩසටහනට සහභාගී වී ඇත.උදා: බයෝ-රෙඩ් ලැබෝරටරීස් යු.එස්.ඒ.)
අපගේ පරීක්ෂණාගාර සේවා පරාසයේ රුධිරය, මුත්‍රා, මළපහ, ශරීරයේ ඇති අනෙකුත් තරලයන් උපයෝගී කර ගෙන චර්යාත්මක මෙන්ම විශේෂ පරීක්ෂණාගාර විමර්ශනයන් ද සිදු කරයි. අපගේ සේවයේ විශේෂත්වය වන්නේ බොහෝ වාර්තාවන් එදින ම ලබාදීම යි.
උදා:- දියවැඩියාව පරීක්ෂා කිරීමට සිදු කරන HbA1C විශ්ලේෂණ වාර්තාව පැය දෙකකින් නිකුත් කරයි.
අප රසායනාගාරයේ පහත පරීක්ෂණ සිදු කරයි.:
සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයේ ඇති දියවැඩියා වෙළෙඳපොළේ දියවැඩියාවට අදාළ සියලුම දේ ඇත.
Read moreසෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයේ ඇති දියවැඩියා වෙළෙඳපොළේ දියවැඩියාවට අදාළ සියලුම දේ ඇත:
දියවැඩියා වෙළෙඳපොළේ ඖෂධාගාරයෙන් ඔබගේ සියලු ඖෂධ අවශ්‍යතා සපුරා ගත හැකි අතර සුදුසුකම් ඇති වෘත්තිය ඖෂධවේදියෙකු මගින් කළමනාකරණය සිදුවේ.
වැඩිහිටියන් අතර දැකිය හැකි මතකය මඳ ස්වභාවය ඩිමෙන්ටියා තත්ත්වයේ මූලික අදියරකි.
Read moreවැඩිහිටියන් අතර දැකිය හැකි මතකය මඳ ස්වභාවය ඩිමෙන්ටියා තත්ත්වයේ මූලික අදියරකි. මතක තබාගැනීමට, සිතීමට සහ හේතු දැක්වීමට ඇති හැකියාව හීන වී යාම මෙහි දී සිදුවේ. ඩිමෙන්ටියා තත්ත්වයට හේතුවන බොහෝ රෝගී තත්ත්වයන් ඇති අතර ඔබගේ වෛද්‍යවරයාගෙන් අනෙකුත් ඩිමෙන්ටියා තත්ත්වයන්ගෙන් ඇල්ස්හෙයිමර් රෝගී තත්ත්වය වෙනස් වෙන ආකාරය දැන ගත හැකිය. කෙසේ නමුත් ඩිමෙන්ටියා තත්ත්වයේ රෝග ලක්ෂණ ඔබ දැන ගත යුතු අතර ඒවා ඇති වූ වහා ම ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකිය. කලින් හඳුනා ගැනීමෙන් මෙම රෝගය පාලනය කර ගැනීමට උපකාරී වේ.
ඔබට ඇති ගැටලුවට අදාළ කොටුව පරීක්ෂා කරන්න.
මතකය අඩුවීම. (සැලසුම් කර ගත් දේ අමතක වීම, මෑතක සිදු වූ සිදුවීම් අමතකවීම, දෙබස්/කතා කළ දේ අමතක වීම.)
යම් දෙයක් තිබූ ස්ථානය අමතක වී වෙන අයෙකු විසින් එය සොරකම් කර ඇතැයි සිතීම.
අතරමං වීම. (නුපුරුදු ස්ථානවල දී ව්‍යාකූල වීම, දිනය හෝ වසර අමතක වීම, නිවසට යාමට පාර සොයා ගත නොහැකි වීම.)
කතා කිරීම. (එකම වචනය හෝ වාක්‍යය කිහිප වරක් පැවසීම, සරල සහ හොඳින් ම දන්නා දෑවල නම් අමතක වීම.)
විනෝදාංශ, පුද්ගලික ක්‍රියාකාරකම් උනන්දුව අඩු වීම, පෙර සතුටින් යෙදුණු වැඩ කටයුතුවල යෙදීමෙන් වැළකීම.
මිත්‍රයන්, සේවා ස්ථානයේ සගයින්, පවුලේ සාමාජික සාමාජිකාවන් හඳුනා ගැනීම. (මුනුබුරු මිනිබිරියන් අමතක වීම, මිතුරන් ආගන්තුකයන් යැයි සිතීම.)
සංකීර්ණ ක්‍රියාකාරකම් හි යෙදීම. (මුදල් ගණන් කිරීම, දුරකථනය භාවිතය, පොත් පරීක්ෂා කිරීම.)
කරදරකාරී හැසිරීම. (අවේගශීලිභාවය)
පුද්ගලික සනීපාරක්ෂාව අවම වීම. (දත් මැදීමට අමතක වීම, නොගැළපෙන ඇඳුම් පැළඳීම හෝ සෙමින් ඇඳුම් ඇඳීම, පිරිසිදුවීමේ කටයුතු අමතක කිරීම.)
ඔබ විසින් ඉහත කොටු එකක් හෝ සලකුණු කළේ නම් ඩිමෙන්ටියා හෝ වෙනත් සෞඛ්‍ය ගැටළුවක් ඇතිවීමේ අවදානමක් ඔබට ඇත.
කරුණාකර වැඩිදුර විස්තර සඳහා අමතන්න. +94112490290
කලාතුරකින් සාකච්ඡා කළත් පුරුෂයන්ගේ ලිංගික අක්‍රීයතා යනු පොදු තත්ත්වයකි. ආතතිය, කාන්සාව සහ මානසික පීඩනය මේ සඳහා බලපාන ඇතැම් මානසික සාධකයන් වේ.
Read moreකලාතුරකින් සාකච්ඡා කළත් පුරුෂයන්ගේ ලිංගික අක්‍රීයතා යනු පොදු තත්ත්වයකි. ආතතිය, කාන්සාව සහ මානසික පීඩනය මේ සඳහා බලපාන ඇතැම් මානසික සාධකයන් වේ. මෙහි වැදගත්කම සහ දුෂ්කරතාවයන් ඇතිවන්නේ රෝගයේ තත්ත්වය අනුව ය.
පුරුෂයන් විසින් මුහුණ දෙන පොදු ගැටළු:
සෙලින්කෝ හෙල්ත් කෙයාර් හි පුරුෂයන් සඳහා ඇති සායනය: මෞත්‍රික රෝග ගැටළු සහ පුරුෂයන්ගේ ලිංගාශ්‍රිත ගැටළු සඳහා සෙලින්කෝ හෙල්ත් කෙයාර්හි පුරුෂයන් වෙනුවෙන් ඇති සායනයේ දී විශේෂයෙන් ප්‍රතිකාර කරයි. මෙම සායනය හොඳම පහසුකම්, වෛද්‍ය කණ්ඩායමක් සහ පහසුකම්වලින් යුක්ත ය. සෑමවිට ම අපගේ මිත්‍රශීලි සහ වෘත්තීය විනයෙන් හෙබි කාර්යය මණ්ඩලය මගින් ඔබගේ පුද්ගලිකත්වය සුරකින අතර ඔබට රෝහල් මානසිකත්වයෙන් තොර සුවදායි පරිසරයක හිදිමින් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව අප සායනය මගින් ලබා දේ.
අප ලබා දෙන සේවාවන්ට පහත සේවාවන් ද අයත් ය:
පුද්ගලිකභාවය සහතිකයි.
සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය මගින් අල්ට්රාසවුන්ඩ් පරීක්ෂණ, එක්ස් රේ, මැමෝග්‍රැම්, අල්ට්රාසවුන්ඩ් FNAC යනාදී වශයෙන් ඉතා පුළුල් පරාසයක විහිදුන විකිරණ සේවා ලබා දේ.
Read moreසෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය මගින් අල්ට්රාසවුන්ඩ් පරීක්ෂණ, එක්ස් රේ, මැමෝග්‍රැම්, අල්ට්රාසවුන්ඩ් FNAC යනාදී වශයෙන් ඉතා පුළුල් පරාසයක විහිදුන විකිරණ සේවා ලබා දේ. විශිෂ්ට සහ නිවැරදි සේවාවක් ලබා දීමට උසස් තාක්ෂණයෙන් යුතු නවීනතම යන්ත්‍ර අප මධ්‍යස්ථානය සතුව ඇත.