දියවැඩියාව ඔබගේ ශරීරයට බලපාන ආකාරය පිළිබඳව දැනුවත් වීම මගින් ඔබගේ ශරීරය රැක ගැනීමටත්, දියවැඩියා සංකීර්ණතා ඇතිවීම සහ වර්ධනය වළක්වා ගැනීමටත් හැකිය.
දියවැඩියාවේ බොහෝ ප්‍රතිඵලයන් ඇතිවන්නේ අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටෙරෝල් මට්ටම සහ රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනයක් නොමැති වීම වැනි හේතු කරණ කොටගෙන ය.
දියවැඩියාව සහ කිරීටක හෘද රෝගය ඉතාමත් සමීප ලෙස එකිනෙකට සම්බන්ධ ය.
දියවැඩියාව අධික රුධිර පීඩනය සඳහා බලපාන අතර එය හෘදයාබාධ සහ කන්තුක වාහිනී රෝග ඇති කරන අධික කොලොස්ටරෝල් වැළඳීම සඳහා දායක වෙයි.
දියවැඩියාවේ සුලභ සංකීර්ණතාවයක් වන්නේ අක්ෂි පටල ආශ්‍රිත රෝග යි.
අනෙකුත් සංකූලතාවයන් සමග මෙම තත්ත්වය ඇතිවන්නේ වසර ගණනාවක සිට නිසි පරිදි පාලනය නොකළ හෝ දියවැඩියාව කිසිසේත් ම පාලනයක් නොකළ තත්ත්වයක් යටතේ ය. මෙම රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ ගණනාවකි.
අක්ෂි පටල ආශ්‍රිතව රෝගී තත්ත්වය ඇතිවන්නේ ඇසේ පිටුපස (දෘෂ්ටි විතානය) ඉදිමීම සහ කාන්දුවීම් නිසා ය. අධික රුධිර පීඩනය ද මෙම රෝගී තත්ත්වය ඇති වීමට බලපායි.
වකුගඩු යනු වසර ගණනාවක සිට දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් නිසි පරිදි පාලනය නොකිරීම නිසා බලපෑමට ලක්වන තවත් ශරීර අවයවයක් වේ.
දියවැඩියා නිප්රෝපති දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගී තත්ත්වයකි.
වසර ගණනක සිට වකුගඩු හානි වීම සිදුවන අතර තත්ත්වය බරපතල වීමට පෙර නිප්රෝපති පරීක්ෂණය හරහා එය දැනගත හැකිය. මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ දී ජීවිත රටාවේ වෙනස්කම් සිදුකිරීම මෙන්ම අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් සඳහා ඖෂධ ලබාදීම ද සිදුකරයි.
සාමාන්‍යයෙන් දියවැඩියාව සම කෙරෙහි ඇතිකරන බලපෑම සිදුවන්නේ නහර සහ සංසරණ කාර්යයට ය. ඒ හේතුවෙන් සම වියළීම, කැපීම් සුව වීම ප්‍රමාද වීම, පිළිස්සුම් සහ තුවාල, දිලීර සහ බැක්ටීරියා ආසාදනයන්, කකුලේ සංවේදනය නැතිවීම වැනි තත්ත්වයන් ඇතිවේ.
දියවැඩියාවෙන් පෙළෙන්නන්ට අවම වශයෙන් වසරකට එක් වරක් හෝ තම පාද පරීක්ෂා කරගැනීමට නිර්දේශ කර ඇත. පාද සඳහා දියවැඩියාවේ ඇති බලපෑම දියවැඩියා පාද ලෙස හඳුන්වයි.