X

දියවැඩියාව ශරීරයේ විවිධ කොටස්වලට බලපායි.

රුධිරයේ ග්ලුකෝස් මට්ටම අධික ලෙස ඉහළ යාම හේතුවෙන්, දියවැඩියාව නිසා හෘදය, ඇස්, වකුගඩු වැනි ශරීරයේ අනෙකුත් කොටස්වලට ද බලපෑම් ඇති කරයි.

නිතර අසන ප්රශ්න

දියවැඩියාව යනු කුමක්ද?

දියවැඩියා මෙලිටස් යනු රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යාම නිසා ඇතිවන ජීවිත කාලය පුරා ම පවතින රෝගී තත්ත්වයකි. අප අනුභව කරන ආහාර බොහෝමයක් දිරවීමේ ක්‍රියාවලිය අවසානයේ ශරීරයේ ග්ලුකෝස් බවට පත් වී රුධිරයට එකතු වෙයි. ඉන්පසුව රුධිර පරිවහනය මගින් ග්ලුකෝස් සෛල වෙත ගෙන ගොස් ශක්තිය ජනනය කිරීම සඳහා ඉන්ධනයක් ලෙස යොදා ගනියි. නිරෝගී ශරීරයක රුධිර ප්‍රවාහනයෙන් ග්ලුකෝස් සෛල කරා ගෙන යාමට 'ඉන්සියුලින්' යන හෝමෝනය අඩංගු ය. එය සෛල තුළට ඇතුල්වීමට දොරගුලු විවර කරන යතුරක් වැනි ය. ඔබ දියවැඩියාවෙන් පෙළෙන විට ග්ලුකෝස් සෛල කරා ගෙන යාමට අවශ්‍යවන ප්‍රමාණයෙන් ඉන්සියුලින් නොමැති හෝ ශරීරයේ ඇති ඉන්සියුලින් නිසි ලෙස ක්‍රියා නොකිරීම සිදුවේ. එම නිසා ඔබගේ රුධිරයේ ග්ලුකෝස් සෛල වෙත ප්‍රවාහනය නොවේ. මෙම තත්ත්වයේ දී ඔබගේ ශරීරයේ සෛල ග්ලුකෝස් සාගරයක් මධ්‍යයේ වුව ද ග්ලුකෝස් නොමැතිව ලතවෙනවා බඳු ය. මෙසේ සිදුවන්නේ සෛල තුළට ඇතුල්වීමේ දොරගුළු විවෘත කිරීමට යතුර ලෙස සැලකෙන ඉන්සියුලින් ක්‍රියාත්මක නොවන නිසා ය.

දියවැඩියාවේ ප්රභේද

දියවැඩියාවේ ප්‍රාථමික සහ ද්විතියික ලෙස කොටස් දෙකකි. ද්විතියික දියවැඩියාව දුරලභ අතර එය ඇතිවන්නේ ඇතැම් මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වන අක්මාව ආශ්‍රිත රෝග, අග්න්‍යාශයික හෝ අනෙක් අන්තරාසර්ග රෝග නිසා ය. ප්‍රාථමික දියවැඩියාව ප්‍රධාන කොටස් දෙකකි.

වර්ගයේ දියවැඩියාව - දියවැඩියා ජනගහනයේ 10 නියෝජනය කරයි.

වර්ගයේ දියවැඩියාව - දියවැඩියා ජනගහනයේ 90 නියෝජනය කරයි.

වර්ගයේ දියවැඩියාව බහුලව දක්නට ලැබෙන්නේ තරුණ ප්‍රජාව අතර ය. මෙම කණ්ඩායමට අදාළ අයගේ ශරීරයන්ගේ ඉන්සියුලින් හිඟතාවයක් ඇත. ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ දී අනිවාර්යෙන් ම ඉන්සියුලින් ලබාදිය යුතු යුතුය. මෙම රෝගීන් වයස අවුරුදු 20ට අඩු, සිහින් සහ බර අඩුවීමෙන් යුතු, මුත්‍රා නිතර පිට කරන සහ නිතර පිපාසය ඇති අය වේ. ඔවුන් මෙකී රෝග ලක්ෂණ නොසලකා හැරියොත් කෙටෝසිදොසිස් තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇත.

වර්ගයේ දියවැඩියාව බහුලව දැකිය හැකි අතර එය බොහෝවිට වයස අවුරුදු 40ට වැඩි පිරිස අතරය. බොහෝ අවස්ථාවන්වල ඔවුන් අධි බරෙන් යුතුය. ඔවුන්ගේ ආහාර සීනී අඩංගු ආහාර වේ. දියවැඩියාව වැළඳුණු විගස ඔවුන් එය දැන නොගන්නා අතර රෝගී තත්ත්වය පිළිබඳව දැනුවත් වන විට එය ඇතැම් ඉන්ද්රියයන්ට බලපා හමාර ය.

පූර්ව දියවැඩියාව යනු කුමක්ද?

නමින්ම කියැවෙන ආකාරයට පූර්ව දියවැඩියාව යනු දියවැඩියාව සංවර්ධනය වීමට පෙර තත්ත්වය යි. 2 වර්ගයේ දියවැඩියාව වැළඳෙන කණ්ඩායම බොහෝ විට මෙම පූර්ව අවධිය පසුකරන අතර එහි දී ඔවුන්ගේ රුධිර ග්ලුකෝස් මට්ටම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වූවත් දියවැඩියාව වැළැඳී ඇතැයි කීමට තරම් එම තත්ත්වය ප්‍රමාණවත් නොවේ.

මෙම පූර්ව දියවැඩියා තත්ත්වය පෙර හැඳින්වූයේ ඉම්පෙයාර්ඩ් ග්ලුකෝස් ටෝලරන්ස් යන නමිනි.

දියවැඩියාවේ සංකීර්ණතා මොනවද?

දියවැඩියාවේ සංකීර්ණතා ඇතිවන්නේ දිගු කලක් තිස්සේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම වැඩිවීම හේතුකොට ගෙන ය. රුධිරයේ ග්ලුකෝස් මට්ටම් ඉහළ යාම නිසා ඉන්ද්‍රියයන්සඳහා සැපයුම සිදුකරන රුධිර නාලයන්හි අවහිරතා ඇති වීම වේගවත් කරයි.

ඉතා තදබල ලෙස රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කළ ද සියලු සංකීර්ණතා වළක්වා ගත නොහැකිය. මෙම සංකීර්ණතා කෙතරම් ඔබට බලපානවා ද යන්න තීරණය වන්නේ ඔබට දියවැඩියාව කෙතරම් කාලයක සිට වැළඳී තිබුනේ ද යන කාරණය මතය.

දියවැඩියාව ප්‍රධාන වශයෙන් ඇස්, වකුගඩු, නහර, විශාල සහ කුඩා රුධිර වාහිනී සහ සම කෙරෙහි බලපෑම් ඇති කරයි.

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

තවකෙනෙකුට දියවැඩියාව ඇති නිසාම හෝ ඔබ ග්ලුකෝස් අධික ආහාර ගැනීම නිසාම යන සාධක නිසා ඔබට දියවැඩියා වැළඳෙන්නේ නැත. දියවැඩියාව වැළඳීමේ හේතු ඉතා පැහැදිලිව කිව හැකි නොවේ.

1 වර්ගයේ දියවැඩියාව වැළඳෙන්නේ ඉන්සියුලින් ඌණතාවය නිසා ය. මෙය ඇතිවන්නේ අග්න්යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශවූ විටය. එසේ සිදුවන්නේ වෛරස් ආසාදනයක් ඇති වූ විට, ස්වයංක්රීය ප්රතික්‍රියාවක් නිසා හෝ ශරීරයේ ම සෛල ප්රතික්‍රියාවන් නිසා ය.

2 වර්ගයේ දියවැඩියාව ජානමය හේතුවක් මෙන්ම ග්ලුකෝස් අධික ආහාර ගැනීම, ව්‍යායාමවලින් තොර ජීවිත රටාවක් සහ තරබාරුකම යන සාධක හේතු වේ.

ඔබගේ දරුවන්ට දියවැඩියාව වැළඳීමේ අවදානමක් ඇත්ද?

ඔව් සහ නැත.

ඔබට දියවැඩියාව ඇත්නම්, ඔබගේ දරුවාට දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව ඉහළ ය. මෙම අවදානම දියවැඩියාව ඇති මවකට (1.40-1.80) සාපේක්ෂව දියවැඩියාව ඇති පියෙකුට (1:20-1:40) වැඩි ය.

පවුලේ එක දරුවෙකුට දියවැඩියාව ඇත්නම් අනෙකුත් සහෝදරයින්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 1:20 කි.

මෙහි අර්ථය වන්නේ මාපියන් හට දියවැඩියාව ඇත්නම්, සැමවිට ම දරුවන්ට ද දියවැඩියාව ඇත යි යන්න නොවේ. නමුත් අනෙකුත් අවදානම සාධක හමුවේ ජානමය වශයෙන් දියවැඩියාව වැළඳීමේ අවදානම ද ඔවුන් ඉහළ ය.

දියවැඩියාව සුව කළ හැකිද?

දියවැඩියාව සුව කිරීමට අග්න්යාශය බද්ධ කිරීම සහ කෘත්‍රිම අග්න්යාශයක් වර්ධනය වීමට සැලැස්වීම, ජානමය හැසිරවීම වැනි ක්‍රමය යොදාගත හැකි අතර මෙම ක්‍රමය විධි ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවේ.

දියවැඩියාව වළක්වා ගත හැකිද?

අධ්‍යයනයන්ගෙන් සොයාගෙන ඇති ලෙසට දිනපතා ව්‍යායාම සහ නිරෝගී ආහාර රටාවන් මගින් 2 වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අවම කර ගත හැකිය. තරබාරු වීම සමග ද මෙය සම්බන්ධ ය. පර්යේෂකයන් 1 වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතු වන නිශ්චිතහේතු සොයා බලා පරීක්ෂණ සිදුකරන්නේ සුව කිරීමට අපහසු වූවත් 1 වර්ගයේ දියවැඩියාව වළක්වා ගැනීමට හැකි ක්‍රමය ගවේෂණය කිරීමට ය.

දියවැඩියාව සඳහා සිදුකරන ප්‍රතිකාරය කුමක්ද?

ජීවිතය පුරාම ප්‍රතිකාර යුතුය.

ඖෂධ පමණක් නොව නිසි ලෙස රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කිරීම දියවැඩියාව ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වේ. ඇතැම් රෝගීන් ආහාර රටාවන් පාලනය කර ගනිමින් ඉතාමත් හොඳින් ග්ලුකෝස් මට්ටම් පාලනය කර ගනියි.

1 වර්ගයේ දියවැඩියාව ඇති සහ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයින් සදහා සාමාන්‍යයෙන් ඉන්සියුලින් ලබාදෙයි. අනෙක් අනෙක් පුද්ගලයින් සදහා රුධිර ග්ලුකෝස් මට්ටම, තරබාරුකම, ජිවිත රටාව යන සාධක සලකාබලා බෙහෙත් පෙති මගින් ප්‍රතිකාර කරයි. ගර්භණී සමයේ බෙහෙත් පෙති ගැනීම වැළක්විය යුතුය.

මගේ රුධිර ග්ලුකෝස් මට්ටම ඉහළ ගියවිට කුමන රෝගී ලක්ෂණ දැකිය හැකිද?

ඔබගේ රුධිර ග්ලුකෝස් මට්ටම ඉහළ නම් නිරතුරුවම ඔබට පිපාසය ඇතිවීමත් නිරතුරු මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවයත් ඇතිවේ. වැඩියෙන් මුත්‍රා පිටවන්නේ රුධිරයේ ඇති අමතර ග්ලුකෝස් ප්‍රමාණයෙන් වැළකීම සදහාය.

කාලයක් පුරා ඔබගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ මට්ටමක පැවතියේ නම් සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ආහාර රුචියක් දැනුනත් ඔබගේ ශරීර බරෙහි අඩුවීමක් නිරීක්ෂණය කළහැකිය. ඇතැමෙකුට ශක්තිය හීනවීම නිසා වෙහෙසකාරී බවක්ද දැනෙන්නට පුළුවන.සුව නොවන තුවාල ඇතිවීම හෝ සමෙහි අසාදන සහ නිරතුරු මුත්‍රා ආසාදන සහ දිලීර අසාදන ඇතිවිය හැකිය.

මගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම අඩු අවස්ථාවක දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

කුසගින්න, නොසන්සුන්තාවය, චංචලබාවය, දහඩියදැමීම, නොරිස්සුම්ගතිය, ක්ලාන්ත ගතිය සහ ව්‍යාකුලතාවයයි.

ඉක්මනින්ම ඔබ ග්ලුකෝස් පරීක්ෂණයක් සිදුකරන්න. 80 මිලිග්‍රෑම්/ඩිඑල් හෝ ඊට අඩුනම් ග්ලුකෝස් ස්වල්පයක්, සීනී දැමු තේ,පළතුරු යුෂ හෝ සිසිල් බිම පානය කර නැවත විනාඩි 15කට පසු නැවත පරික්ෂා කරන්න. යළිත් ඔබගේ රුධිර ග්ලුකෝස් ප්‍රමාණය අවම නම් පෙර පරිදිම සිදුකර රුධිරයේ ග්ලුකෝස් මට්ටම සමනය මට්ටමට එනතුරු එත් සමග සුළු කෑමක්ද ආහාරයට ගන්න. ඔබ කඩිනම්වී මෙකී දේ නොකළහොත් කෝමා තත්ත්වයට පත්විය හැකිය.පෙර සදහන් කළ ලක්ෂණ ඔබට ඇතිනමුත් රුධිරයේ ග්ලුකෝස් මට්ටම පරික්ෂා කළ නොහැකිනම් තත්ත්වය සමනයවීමට ග්ලුකෝස් අඩංගු ආහාර අනුභව කරන්න.

2 වර්ගයේ දියවැඩියාව ඇතිවීමට බලපාන හේතු මොනවාද?

මෙම වර්ගයේ දියවැඩියා තත්වයක් ඇතිවීමට බලපාන හේතු සදහා සරල පිළිතුරක් ලබාදිය නොහැක. නිදසුනක් ලෙස ග්ලුකෝස් ආහාරයට ගැනීම දියවැඩියාවට හේතුවක් නොවේ, ග්ලුකෝස් අධික ආහාර ගැනීම, අනෙකුත් මේදය සහිත ආහාර ගැනීම බර වැඩිවීමට හේතුවේ. දියවැඩියාවෙන් පෙළෙන බොහෝ අයගේ බර වැඩිය. තරබාරු වීම දියවැඩියාවට කෙසේ බලපාන්නේද කියා නිසිලෙස හේතුදැක්විමට විද්‍යාඥයින්ට පවා අපහසුවුවත් 2 වර්ගයේ දියවැඩියාව සදහා තරබාරුවිම ප්‍රධාන සාධකයකි.වත්මන් පර්යේෂණ ඇසුරින් මෙම තත්වය ඇතිවීමට බලපාන නිශ්චිත හේතු සහ තරබාරුවිම එතරම් අවදානම් ලෙස සැලකීමට හේතු පැහැදිලිකර ගැනීමට සහය වේ.

දියවැඩියාවට මුලික හේතුවක් නම් ඉන්සියුලින් ප්‍රතිරෝදයයි. තවමත් විද්‍යාඥයින් මෙම ඉන්සියුලින් ප්‍රතිරෝදයට හේතු සොයයි.ඔවුන් මෙයට හේතු සාධක දෙකක් ගෙනහැර පායි. පළමු හේතුව නම් සෛල මගින් ඉන්සියුලින් ප්රතිග්රහණය කරගැනීමේ දෝෂයයි. යම්කිසි ඉලෙක්ට්‍රොනික උපාංගයක් ක්‍රියාත්මකවීමට විදුලි සැපයුමකට සම්බන්ධ කළයුතු සේ ඉන්සියුලින්ද ක්‍රියාත්මකවීමට ප්‍රතිග්‍රාහකයකුට සම්බන්ධ කළයුතුය. ප්‍රතිග්‍රාහකයන් සම්බන්ධයෙන් ඇතැම් තත්වයන් දෝෂයන්ට ලක්විය හැකිය. ඉන්සියුලින් බැඳ ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිග්‍රාහක නොමැති හෝ ඉන්සියුලින් බැඳ ගැනීමට නොහැකිවන සේ ප්‍රතිග්‍රාහකයන් හි දෝෂ පැවතීමයි.

දෙවෙනි සාධකය මැදිහත්වන්නේ ඉන්සියුලින් ප්‍රතිග්‍රාහකයකට සම්බන්ධ වූ පසුවය. ඇතැම්විට ඉන්සියුලින් ප්‍රතිග්‍රාහකයකට බැඳී ඇතත්,එය පරිවෘත්තිය ක්‍රියාවලියකට ලක්කිරීමට ලබා දෙන සංඥාව සෛල විසින් අවබෝධ කරනොගනියි. මෙසේ සිදුවීමට හේතු සොයාගැනීම සදහා විද්‍යාඥයින් විසින් අධ්‍යයනයන් ක්‍රියාත්මක කර ඇත.

2 වර්ගයේ දියවැඩියාවට ගොදුරුවන්නේ කවුද?

වයස, ලිංගිකත්වය, බර, ශාරීරික ක්‍රියාකාරකම්, ආහාර වෙල්, ජිවිත රටාව සහ පවුල් සෞඛ්‍යය යන සාධක සියල්ලක්ම 2 වර්ගයේ දියවැඩියාව සදහා බලපායි. යමෙකුගේ සහෝදර සහෝදරියන්ට හෝ මාපියන්ට හෝ දියවැඩියාව ඇත්නම් එවිට දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාවය වැඩිය. විශේෂඥයින් පවසන පරිදි දියවැඩියාවට සුදු ජාතිකයින්ට සාපේක්ෂව වැඩිවශයෙන් ගොදුරුවන්නේ අප්‍රිකානු ඇමෙරිකානුවන්, හිස්පැනික්, දේශීය ඇමෙරිකානුවන් සහ දේශීය හවායන්වරුය. ඔවුන් පවසන පරිදි මෙම තත්වය ආවේනික සහ පරිසර සාධක මත රඳාපවතියි. ලෝකයේ වැඩිම දියවැඩියා ප්‍රතිශතය වාර්තාවන්නේ පිමාස් යනුවෙන් හඳුන්වන ඇරිසෝනා ප්‍රජාවේ ඇමෙරිකානු ඉන්දියානුවන් අතරය. දියවැඩියාව වැළඳීමේ අවදානම සහිත සාධක වයස,ස්ත්‍රී/පුරුෂ අනුව ඉහළ යයි. ස්ත්‍රී/පුරුෂභාවය අවදානම සාධකයක් නොවුවත් ඇමෙරිකා අප්‍රිකානු පුරුෂයින්ට සාපේක්ෂව, ඇමෙරිකා අප්‍රිකා ස්ත්‍රීන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩිය.

මිනිසුන්ට තම පවුල් ඉතිහාසය, වයස, ජාතිය වෙනස් කිරීමට නොහැකි වුවත් ශාරීරික යෝග්‍යතාවය සහ බර පාලනය සිදුකිරීම කළහැකිය. ඇතැමෙකුට දියවැඩියා අවදානම ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාදී අවදානම අවම කිරීම පිළිබඳව වෛද්‍යවරයාට තීරණයකළහැකිය.

logo