X

පිළිකා සඳහා ලෝකයේ පිළිගත් මට්ටමේ විවිධ පිළිකා ප්‍රතිකාර ක්‍රම

පිළිකා සඳහා ඔබට අවශ්‍ය වන විවිධාකාර පරීක්ෂණ සේවා සඳහා තත්ත්වයෙන් උසස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ රටවලට යාම අවශ්‍ය නොවේ. දැන් හොඳම ප්‍රතිකාර, හොඳම වෛද්‍යවරුන්, අතී නවීන තාක්ෂණය සහ ඔබ වෙනුවෙන්ම සැකසුණු උසස් සේවාවක් මෙරටේදී ම අත්විඳීමට ඔබට පුළුවන්.

ඉතිහාසය

2001

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව ආරම්භ වූයේ සෙලින්කෝ හෙල්ත් කෙයාර් නමින් වන අතර ආරම්භයේ දී ම පිළිකා පරීක්ෂණ පහසුකම් මේ හරහා ලබා ගැනීමට ශ්‍රී ලංකිකයින් හට අවස්ථාව සැලසුණි. පසුව ඒ හරහා රෝගය සම්බන්ධව ප්‍රශස්ත දැනුවත්භාවයක් ලබා දීම, එහි සංඛ්‍යා ලේඛන, බලපාන හේතු සහ ප්‍රතිකාර යනාදී කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙම අදියරෙහි වැදගත් කොටසක් වූයේ කලින් හඳුනා ගතහොත් ඇතැම් පිළිකා සුව කළ හැකි බව මහජනයාට දැනුම් දීම යි. පුද්ගලික අංශයේ ආයතනයක් ලෙස මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳව තීරණාත්මක පියවරක් විය.

2004

සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානය

2004 දී ආරම්භ කරන ලද සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලංකාවේ වැඩිවෙමින් පවතින දියවැඩියා රෝගීන් හට වටිනා සේවයක් සිදු කරයි. දියවැඩියාව සඳහා ම සුවිශේෂ වූ මෙම මධ්‍යස්ථානය දියවැඩියා ප්‍රතිකාර සඳහා භාවිත කරන නවතම තාක්ෂණයෙන් පොහොසත් අතර දියවැඩියාව පරීක්ෂා කිරීම, ප්‍රතිකාර කිරීම/රෝගය කළමනාකරණය කිරීම, උපදේශනය, දියවැඩියා ප්‍රතිකාර ඖෂධාගාරය මෙන්ම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා ද පහසුකම් සපයයි. අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් විසින් රෝගීන්ට ඉහළ ම සාත්තු සේවයක් ඉතාමත් සැප පහසු සහ හෘදයාංගම ලෙස ලබා ගත හැකි බව තහවුරු කරයි.

 

2007

සෙලින්කෝ විකිරණ ප්‍රතිකාර ඒකකය

වර්ෂ 2007 දී, සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව මගින් පිළිකා ප්‍රතිකාර විෂයෙහි භාරදූර ප්‍රගතියක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට රේඛීය ත්වරකයක් සහිත විකිරණ ප්‍රතිකාර ඒකකයක් හඳුන්වා දෙන ලදී. මෙමගින් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සඳහා විදේශ ගත වී දැරීමට සිදු වූ මානසික සහ මුල්යමය පිරිවැය සඳහා සැනසුම් සහගත පිළිතුරක් ලැබිණි. දැන් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් හට තම සමීපතමයන් හා රැඳෙමින් තම රටේ දී ම ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව මේ නිසා විවර වී ඇත.

 

2012

සෙලින්කෝ ටෝමෝ තෙරපී මධ්‍යස්ථානය

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය පිළිකා ප්‍රතිකාර සඳහා වර්තමානයේ ලෝකයේ ඇති උසස් ම ප්‍රතිකාර ක්‍රමවේදය ලෙස සැලකෙන  ටෝමෝතෙරපි ප්‍රතිකාර ලබා දෙන මෙරට ඇති එකම ආයතනය වේ. මෙම මධ්‍යස්ථානයේ මීට පෙර ශ්‍රී ලංකාවේ ද පළමු වරට ස්ථාපිත කරන ලද රේඛීය ත්වරකයක් සහිත විකිරණ ප්‍රතිකාර ඒකකයට අමතරව හඳුන්වා දෙන ලදී.

ලෝකයේ ටෝමෝ තෙරපි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇකියුරේ අයි.එන්.සී. ආයතනයේ  TomoHD ප්‍රතිකාර පද්ධතියෙන් සෙලින්කෝ ටෝමෝතෙරපි මධ්‍යස්ථානය සන්නද්ධ ය.

 

logo