X

පිළිකා සඳහා ලෝකයේ පිළිගත් මට්ටමේ විවිධ පිළිකා ප්‍රතිකාර ක්‍රම

පිළිකා සඳහා ඔබට අවශ්‍ය වන විවිධාකාර පරීක්ෂණ සේවා සඳහා තත්ත්වයෙන් උසස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ රටවලට යාම අවශ්‍ය නොවේ. දැන් හොඳම ප්‍රතිකාර, හොඳම වෛද්‍යවරුන්, අතී නවීන තාක්ෂණය සහ ඔබ වෙනුවෙන්ම සැකසුණු උසස් සේවාවක් මෙරටේදී ම අත්විඳීමට ඔබට පුළුවන්.

නායකත්වය

ආර්. රෙන්ගනාදන් මහතා

සභාපති - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

ආර්. රෙන්ගනාදන් මහතා

සභාපති - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු වන මෙම මහතා සෙලින්කෝ සමූහය සමග සම්බන්ධ වුයේ වර්ෂ 1983 දී ය. වර්ෂ 1987 රජය විසින් රක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමට පුද්ගලික රක්ෂණ ආයතන සඳහා අවසර ලබා දුන් පසු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ ජීවිත රක්ෂණ ඒකකය ආරම්භ කිරීමේ කාර්යයභාරය පැවරුණේ රෙන්ගනාදන් මහතාට ය. රක්ෂණය සතු ප්රබල වටිනාකම මනාව වටහා ගත් ඔහු සෑම ශ්‍රී ලාංකික පවුලක් සඳහා ම සෙලින්කෝ රක්ෂණයෙන් ආරක්ෂා කරන බවට ඉතා ප්රබල දැක්මක් ද සහිතව, වෘත්තිය මට්ටමේ කණ්ඩායමක් රැස්කොට කොට ඔවුන්ට ද මෙම පරමාර්ථය ලබා දෙන ලදී. ඔහුගේ මෙහෙයවීම මත සෙලින්කෝ ජීවිත රක්ෂණය, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොල නායකත්වය නොකඩවා පවත්වා ගනියි. අද රෙන්ගනාදන් මහතා සෙලින්කෝ ලයිෆ් හි සභාපතිවරයා ය. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වය අත්කර ගැනීමෙන් පසු රෙන්ගනාදන් මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයට යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් හට දැරිය හැකි මිලකට සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අදහසිනි. වොෂින්ටන් පිළිකා මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමෙන් පසු මූලිකව පිළිකා හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ඔහු විසින් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්රථම සියලු පහසුකම් සපිරි,ලොව උසස් ම තාක්ෂණයෙන් යුතු පුද්ගලික අංශයේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේ ද මෙම මහතා ය. 

ටී. රණසිංහ මහතා

අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

ටී. රණසිංහ මහතා

අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

වෙළෙඳ ක්ෂේත්‍රයේ වසර 35ක පළපුරුද්ද ඇති රණසිංහ මහතා විකිණුම්, අලෙවි සහ උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳව ප්‍රවීණත්වය සහ අත්දැකීම් ලබා ඇත. අද වන විට රණසිංහ මහතා සෙලින්කෝ හෙල්ත් කෙයාර් හි මව් ආයතනය වන සෙලින්කෝ ලයිෆ් හි කළමණාකාර අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි.වසර 1986 වසරේ දී සෙලින්කෝ පවුල හා සම්බන්ධ වූ රණසිංහ මහතා වසර 1988 ආරම්භ කළ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආරම්භ කළ පුරෝගාමී කණ්ඩායමේ සාමාජිකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් පිරිනමන, පශ්චාත් කළමණාකරන ආයතනය විසින් මෙහෙයවන උපාධි වැඩසටහනෙන් පශ්චාත් උපාධියක් රණසිංහ මහතාට හිමි ය. මෙම මහතා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා කලාපයේ විධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය වැනි භාරදූර තනතුරු රාශියක් හොබවා ඇත. රණසිංහ මහතා වරලත් අලෙවිකරුවකු සහ එංගලන්තයේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. 

පී.ඒ.ජයවර්ධන මහතා

අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

පී.ඒ.ජයවර්ධන මහතා

අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

ජයවර්ධන මහතා මූල්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 25ක පළපුරුද්ද ඇති වෘත්තිකයෙකි. මෙම මහතා සෙලින්කෝ ලයිෆ් සමග 1990 වසරේ ප්‍රධාන ගිණුම්කරුවෙකු (ශාඛා) ලෙස සම්බන්ධ වූ තැන පටන් ආයතනයේ දියුණුව සඳහා මහත් කැපවීමෙන් ක්‍රියා කළේය. ඔහුගේ ප්‍රවීණත්වය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වසර 2015දී ජයවර්ධන මහතා අධ්‍යක්ෂක මණ්ඩලයට පත්විය. වර්තමානයේ දී ජයවර්ධන මහතා සෙලින්කෝ ලයිෆ්හි අධ්‍යක්ෂක/ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස කටයුතු කරයි. මෙතුමා වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනයේ සහ සහතිකලත් කළමනාකරණ ගිණුම්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. 

සමිත හේමචන්ද්‍ර මහතා

අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

සමිත හේමචන්ද්‍ර මහතා

අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

සමිත හේමචන්ද්‍ර මහතා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි අලෙවි අංශයේ ප්‍රධාන කළමණාකාර තනතුර හොබවයි. ඔහු විකුණුම් කළමනාකරණය, සන්නාම කළමනාකරණය, අලෙවි කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම්කරණය යන ක්ෂේත්‍රයන්හි වසර 18කට වඩා අත්දැකීම්වලින් පොහොසත් ය. අද දක්වා අලෙවි සන්නිවේදන ක්‍රියාකාරකම් හි සැලසුම්කරණය, සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම සදහා ඍජුව සම්බන්ධ වී ඇත. වසරේ සන්නාමය සහ වසරේ සේවා සම්මානය සදහා තීරණය වූ 'සෙලින්කෝ ලයිෆ්' සන්නාමය වෙනුවෙන් සමිත මහතාගේ දායකත්වය අගයමින් වසර 2004, 2005 සහ 2008 දී ස්ලිම් බ්රෑන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලවලදී සන්නාම විශිෂ්ටයා ලෙස පිළිගත් අවධානයට පාත්‍ර විය. සමිත හේමචන්ද්‍ර මහතා සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාවේ අධ්‍යක්ෂක තනතුරක් ද හොබවන අතර සාර්ථක වෙළෙඳ ප්රචාරණ ව්යාපෘති කිහිපයක් සඳහා ද මූලිකත්වය ලබා දෙන ලදී. සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව සම්පූර්ණයෙන් ම සෙලින්කෝ ලයිෆ් ආයතනයට අනුබද්ධිත ආයතනයකි. මෙම මහතාට (FCIM),CIM-UK වරලත් අලෙවිකරු, සහතික ලත් කළමනාකරණ ගිණුම්කරුවන් (CMA) - ඔස්ට්‍රේලියාව සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද හිමි ය. 

තාරුක ද සිල්වා මහතා

ප්‍රධාන කළමනාකාර - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

තාරුක ද සිල්වා මහතා

ප්‍රධාන කළමනාකාර - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

ජ්‍යෙෂ්ඨ කළමනාකරණයේ දොළොස් වසරකටත් වැඩි අත්දැකීම් සහ පළපුරුද්ද ඇති තාරුක මහතා සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානය, විකිරණ ඒකකය සහ ටෝමෝ තෙරපි මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ දී වැදගත් කාර්ය භාරයක් සිදුකරන ලදී. මෙතුමා සෙලින්කෝ ලයිෆ් කණ්ඩායම සමග සම්බන්ධ වූයේ වසර 2002 වසරේ දී ය. එහි දී තාරුක මහතා අනුයුක්ත කෙරුණේ මූල්‍ය සහ ආයෝජන අංශයට ය. වසර 2008දී මෙම මහතාව සෙලින්කෝ හෙල්ත් කෙයාර් හි ප්‍රධාන කළමනාකරණ තනතුර සඳහා පත් කරනු ලැබිය. මෙතුමා හට BBA(special) Honors, ACCA සහ කොලඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හිමි ය. 

මහාචාර්යය රෝහාන් ජයසේකර

වෛද්‍ය අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

මහාචාර්යය රෝහාන් ජයසේකර

වෛද්‍ය අධ්‍යක්ෂක - සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව

මෙතුමාගේ සුවිශේෂ වූ අත්දැකීම් සහ දැනුම සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානයේ කණ්ඩායම සමග බෙදා ගැනීම ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට මහත් ශක්තියකි. විද්‍යා ජෝති ගෞරව මහාචාර්ය ජයසේකර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති තැන ය. එතුමා ශ්‍රී ලංකාවේ මානව ජාන විද්‍යාව පිළිබඳව පුරෝගාමී විශේෂඥකි. මහාචාර්ය ජයසේකර MBBS,Ph.D(N'Cle.U.K) C .Boil.FRSB(Lond.) Hon FCSSL, Hon.FCOSL කීර්තිමත් පරිපාලකයෙකි, එතුමන්ගේ ඉගැන්වීමේ සහ පර්යේෂණ වෘත්තිමය අත්දැකීම් වසර 41කටත් එහා ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ ගෞරවනීය සාමාජිකයෙකු, ශ්‍රී ලංකාවේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ ගෞරවනීය සාමාජිකයෙකු සහ වර්ෂ 1983 පිහිට වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ජානමය ඒකකයේ කායික විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු සහ සභාපති වශයෙන් ද කටයුතු කර ඇත. එමෙන්ම ජයසේකර මහතා ලන්ඩනයේ ගැල්ටන් ආයතනයේ සමාජිකයෙකි, වරලත් ජීව විද්‍යාඥකි, පොදු රාජ්‍ය මණ්ඩලීය විද්වතෙක් සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සාමාජිකයෙකි, ලන්ඩනයේ ජීව විද්‍යා රාජකීය සමාජයේ සාමාජිකයෙකි. මීට අමතරව මෙම මහතා සෛල විද්‍යාව පිළිබඳව පී.එච්.ඩී උපාධියක් වර්ෂ 1981 දී පොදු රාජ්‍ය මණ්ඩලීය පර්යේෂණ ශිෂ්‍යත්වයක් අතරතුරදී ලබා ගන්නා ලදී. 

වෛද්‍ය සරත් අබේකෝන් (නැසීගිය)

Founder/Director

වෛද්‍ය සරත් අබේකෝන් (නැසීගිය)

Founder/Director

පිළිකා විශේෂඥයෙකු වන සරත් මහතාට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයෙකු ලෙස වසර 18කටඅධික අත්දැකීම් රැසක් ඇත. මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස එතුමා සේවය කළ අතර වසර තුනක් පුරා පැපුවා නිව්ගිනියා රටෙහි පිළිකා ඒකකයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරන ලදී. වෛද්‍ය අබේකෝන් ශ්‍රී ලංකාවේ මෙන්ම එංගලන්තයේ ලන්ඩනයේ රෝයල් වයිට් චැපල් රෝහලේ ද වැඩිදුර පුහුණුව ලබා ඇත. වසර 2003 සිට වසර 2006 දක්වා ශ්‍රී ලංකාවේ සායනික පිළිකා අධ්‍යයන මණ්ඩලයේ සභාපතිධූරය ද හෙබවිය.
logo