X

පිළිකා සඳහා ලෝකයේ පිළිගත් මට්ටමේ විවිධ පිළිකා ප්‍රතිකාර ක්‍රම

පිළිකා සඳහා ඔබට අවශ්‍ය වන විවිධාකාර පරීක්ෂණ සේවා සඳහා තත්ත්වයෙන් උසස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ රටවලට යාම අවශ්‍ය නොවේ. දැන් හොඳම ප්‍රතිකාර, හොඳම වෛද්‍යවරුන්, අතී නවීන තාක්ෂණය සහ ඔබ වෙනුවෙන්ම සැකසුණු උසස් සේවාවක් මෙරටේදී ම අත්විඳීමට ඔබට පුළුවන්.

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව තෝරා ගත යුත්තේ ඇයි?

X
1 රෝහලක් ලෙස නොව තම නිවස සේ

ඔබ සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවා මධ්‍යස්ථානයට පිවිසි විට ඔබට දැනේවි එය රෝහල් පරිසරයෙන් තොරව  ඔබට ගෙන දෙන සුවදායක හැඟීම. විශේෂයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත්තේ ද රෝගීන්ට උපරිම අයුරින් සුව පහසුව අත්විඳිය හැකි අයුරින්ය. රෝහලේ අභ්‍යන්තර අලංකරණය ද ප්‍රියජනක සහ සුවදායි ලෙස උසස් තත්ත්වයේ යන්ත්‍ර උපකරණ සහිතව නිර්මාණයකර ඇති නිසා රෝගීන් හට ප්‍රසන්න, සැප පහසු ලෙස තම නිවසේ සිට ප්‍රතිකාර ගන්නාක් මෙන් පහසුවෙන් ප්‍රතිකාර ගැනීමේ අවස්ථාව හිමි වේ.

 

2 හදවතට ලබැඳි කාර්යය මණ්ඩලය

අපගේ රෝගීන් හට පවුලේ සමීපතමයන් මෙන් ලබැඳිව සිටිමින් ඔවුන්ව රැක බලා ගැනීමට අප කාර්යය මණ්ඩලය සැදී පැහැදී සිටියි. අපගේ විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් වෘත්තීය මට්ටමේ නිපුණයන් මෙන්ම අත්දැකීම්වලින්ද පරිපූර්ණ ය. නිරතුරුව ම රෝගීන් හට උණුසුම් සහ සමීප ලෙස හිඳිමින් ප්‍රතිකාර කිරීමේ වැදගත්කම අප දන්නා නිසා පළපුරුදු සාත්තු සේවයක් සහ සමීප අවධානයක් සුවදායි සහ මිත්‍රශීලි ලෙස රෝගියාට ලබා දීමට අප කැප වී සිටිමු.

 

3 ස්ත්‍රී රෝගීන් සදහා ස්ත්‍රී වෛද්‍යවරියන්

ස්ත්‍රී රෝගීන් හට ප්‍රතිකාර කිරීමට සහ ඔවුන්ව රැක බලා ගැනීම සඳහා විශේෂඥ ස්ත්‍රී වෛද්‍යවරියන් පූර්ණ කාලීනව අප වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටියි. මෙසේ ස්ත්‍රී රෝගීන් වෙනුවෙන් ම වෙන්වූ සේවාවන් අප සලසන්නේ රෝගීන් සැමවිට ම වෛද්‍යවරුන් ඉදිරියේ අපහසුවෙන් තොරව සිටිය යුතු බව අප විශ්වාසකරන නිසා ය.

 

4 අපගේ වෛද්‍යවරුන් එක් එක් රෝගියා වෙනුවෙන් ම විශේෂයෙන් ලබාදෙන අවධානය

සෙලින්කෝ හෙල්ත් කෙයාර් හි තවත් සුවිශේෂත්වයක් වන්නේ අපගේ වෛද්‍යවරුන් විසින් රෝගියාගේ පුද්ගලික අවශ්‍යතා පිළිබඳව සමීප අවධානයක් ලබා දීම යි. එක් එක් රෝගියාගේ තත්ත්වයන් එකිනෙකට වෙනස් බව අප දන්නා නිසා සැමවිට ම හොඳම ප්‍රතිකාරයන්  සහ සාත්තු සේවා ලබා දීම පිළිබඳව අප වගකීම දරමු.

 

5 පිළිකා සහ දියවැඩියාව වෙනුවෙන්ම විශේෂ ප්‍රතිකාර

සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග සහ දියවැඩියා ප්‍රතිකාර සඳහා ම සුවිශේෂ වූ එකම  පුද්ගලික අංශයේ ආයතනය යි. අප මධ්‍යස්ථානය ලෝකයේ අනෙකුත් රටවල පිළිකා සහ දියවැඩියා ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඇති නවීනතම තාක්ෂණික අංගෝපාංග, තත්ත්වයෙන් උසස් ප්‍රතිකාර ලබාදීම සඳහා උපකරණ යන සියල්ලෙන්ම සම්පූර්ණ ය. සෙලින්කෝ හෙල්ත් කෙයාර් සමග රටේ ප්‍රමුඛ පෙළේ පිළිකා රෝග අධ්‍යයන විශේෂඥයන් හා සම්බන්ධව කටයුතු කරන්නේ ඔබට සුවිශේෂී විශේෂඥ සේවාවක් ලබා දීම සඳහා යි.

 

6 පිළිකා ප්‍රතිකාර සඳහා ලොව ඇති උසස් ම තාක්ෂණය

අපගේ රෝගීන් හට උසස් මට්ටමේ ප්‍රතිකාර ලබා දීම සඳහා අප විසින් නිරතුරුව ම අපගේ පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර සඳහා ආයෝජනයන් සිදු කරමින් ඒවා යාවත්කාලීන කිරීම සිදු කරයි. වර්තමානයේ අපගේ විකිරණ මධ්‍යස්ථානයේ රේඛීය ත්වරණ ඒකකයක් ඇති අතර මෙම ක්‍රමවේදය ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගනියි. පිළිකා ප්‍රතිකාර සඳහා ලොව භාවිත වන උසස් ම ක්‍රමයය වන ටෝමො තෙරපි යන්ත්‍රයක් ද අප මධ්‍යස්ථානය සතු ය.

 

7 විශේෂ උපදේශන සේවය

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මගින් විශේෂඥ උපදේශන සේවාවක් ලබා දෙන බව දැනගත්තොත් එය ඔබට මහත් සතුටක් සහ සැනසීමක් ගෙනෙනවාට සැක නැත. අපගේ අවබෝධයට අනුව බොහෝ රෝගීන්ට තම රෝගී තත්ත්වයට මුහුණදීමේ දී විශේෂ මගපෙන්වීමක් සහ සහයක් අවශ්‍ය වේ. ඒ සඳහා සහය වීමට වෘත්තීය මට්ටමේ උපදේශකයන් මගින් අවශ්‍යතාවය ඇති අය හට උපදේශනය සහ අවවාද ලබා දීම සිදුකරයි.

 

logo