X

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මගින් පිළිකා සඳහා විවිධ ප්‍රතිකාර විධි ක්‍රම ලබාදෙයි.

රෝගියාගේ පිළිකා ස්වභාවය සහ වර්ගය අනුව අප විසින් විවිධ වර්ගයේ ප්‍රතිකාර ලබාදෙයි.

ඉහළ මාත්‍රා අනුපාතයක් සහිත බ්රැකී චිකිත්සාව

ආරක්ෂිත විකිරණ විභවයක් ඍජුව පිළිකාව තුළට හෝ අසලට යොමු කිරීම බ්රැකීතෙරපි ලෙස හඳුන්වයි. ඇතැම් විට එය අභ්‍යන්තර විකිරණ චිකිත්සාවක් ලෙස හඳුන්වයි.

 

එය ක්‍රියාකරන්නේ කෙසේද?

අධි මාත්‍රා අනුපාතයක් (HDR) බ්රැකීතෙරපි මගින් ආරක්ෂිත අධි බලැති කිරණ කදම්භයක් පිළිකාව තුළට යොමු කරයි. රේඩියෝනුක්ලිඩ්ස් මගින් තනන ප්ලාක්, ඉදිකටු, වයර් හෝ කුඩා බීජ පිළිකාව මතුපිට, පිළිකාව තුළ, පිළිකාවෙන් වැසී ඇති ශරීර කුහර තැන්පත් කරයි. අනෙක් අතට අවම මාත්‍රාවෙන් යුතු බ්රැකීතෙරපි විකිරණශීලි ද්‍රව්‍ය දිගු කාලයක් පුරාවට ශරීරය තුළ තැන්පත් කරයි.

එච්.ඩී.ආර්. බ්රැකී චිකිත්සාව බාහිර රෝගී ක්‍රමවේදයක් ලෙස සාමාන්‍යයෙන් සැලකේ. අධිබලැති විකිරණ මගින් වෛද්‍යවරුන්ට සමාන විකිරණ මාත්‍රා විනාඩි කිහිපයක් ඇතුළට විකිරණශීලි උපකරණ ඇතුළත් කිරීමෙන් සහ ඉවත් කිරීමෙන් ලබා දිය හැකිය.

 

HDR බ්රැකී චිකිත්සාව ලබා ගත හැක්කේ කාටද?

HDR බ්රැකීතෙරපි නාරිවේදී පිළිකාරෝගීන්ට සහ MammoSite බ්රැකී චිකිත්සාව පියයුරු පිළිකා රෝගීන් හටත් ලබා දේ. ඊට අමතරව හිසේ සහ බෙල්ලේ , පෙනහළු පිළිකා සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇති පිළිකා සඳහා ද පුද්ගලික පදනමින් HDR බ්රැකී චිකිත්සාව සලකා බැලෙයි.

 

HDR බ්රැකී චිකිත්සාව වාසි

  • විශාල විකිරණ මාත්‍රාවක් පිළිකාවට කෙටිකාලයක් තුල ලබා දිය හැකිවීම.
  • ඔබගේ පවුලේ අයට හෝ රෝහල් කාර්යය මණ්ඩලය විකිරණ සඳහා ආවරණය වීම අවම වීම හෝ එසේ ආවරණය නොවීම.
  • බාහිර රෝගී පදනම මත ලබා දීම නිසා ප්‍රතිකාරය ලබා දීම වඩා පහසු වීම.
  • රෝහල් ගත වීම අවශ්‍ය වන LDR බ්රැකීතෙරපි ක්‍රමයයට සාපේක්ෂව පිරිවැය අවම වීම.
  • නහර තුළට ම ගමන් කිරීමෙන් වන අවදානමෙන් තොර වීම.
  • ප්‍රතිකාර සැලසුම් පද්ධතිය මගින් වෛද්‍යවරුන්ට අදාළ ප්රදේශයට අවශ්‍ය ප්‍රමාණයෙන් කිරණ නිකුත් කිරීමට, ඒ අවට නිරෝගී පටකවලට විකිරණ පතිත වීම අවම කිරීමට සහාය වේ.

 

logo