IMRT හා සබැඳි නවීනතම ලිනියර් ඇක්සලරේටරය මගින් පිළිකා රෝග සඳහා සිදු කරන ප්‍රතිකාර විෂයයට අදාළව සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානයේ- විකිරණ ප්‍රතිකාර ඒකකය ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් ම සිටියි.
වැරියන් ක්ලිනැක් ලිනියර් ඇක්සලරේටරය සංවර්ධනය කර ඇත්තේ වැරියන් මෙඩිකල් පද්ධතියෙන් වන අතර එය ලෝකයේ හොඳම යන්ත්‍ර ලෙස පිළිගැනෙන යන්ත්‍ර අතරින් එකකි. ලොව පුරා 5,000 වඩා මෙම යන්ත්‍ර සවිකර ඇති අතර දහස් ගණනක් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරයි.
සෙලින්කෝ හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානයේ රෝගීන්ට දැන් අධි මාත්‍රාවෙන් යුතු විකිරණ ප්‍රතිකාර ලබා ගත හැකිය. මේ හරහා පිළිකා සඳහා නිසි ලෙස ඉලක්ක කර ප්‍රතිකාර කිරීමට සහ ඇතැම් තත්ත්වයන්වල දී වැරියන් ක්ලිනැක් iX ලිනියර් ඇක්සලරේටර් මගින් ප්‍රතිකාර සිදු කිරීම අවම මට්ටමකට ද තබා ගත හැකිය.
සංකීර්ණ අභ්‍යන්තර පරිගණක ජාලයක් හරහා ප්‍රතිකාර සැලසුම් කිරීම, භෞතික විද්‍යාව සහ සී.ටී. (පරිගණක ගත කළ ටෝමෝග්රැපි) මගින් විකිරණ පිළිකා රෝග විශේෂඥයාට රෝගියාට වඩාත් ම ගැළපෙන ප්‍රතිකාර ක්‍රමවේදය සැලසුම් කිරීමට උපකාරී වේ. ප්‍රතිකාර ක්‍රමයයට අවසර ලැබුණු වහා ම එය ලිනියර් ඇක්සලරේටර් වෙත යොමු කරයි. තාක්ෂණවේදීන් විසින් ත්‍රිමාණ මල්ටි ලීෆ් පද්ධතිය මත ඇති ඔටෝමෙටඩ් ලීඩ් ස්ලිව්ස් මගින් පැරණි ලීඩ් බ්ලොක්ස් ප්රතිස්ථාපනය කරයි.
ප්රීමුස් අක්සලලේටරය රූප ගත කිරීම සඳහා ද භාවිත කරයි. එමගින් දැරීමට සිදු වන පිරිවැය අවම වේ. දත්ත ගබඩාවේ සියලුම වාර්තා ගබඩා වී ඇති අතර ඒවා නිරීක්ෂණයට සහ විශ්ලේෂණයට නතු වේ.
මෙම යන්ත්‍රය බාධා වළක්වනවා පමණක් නොව කාර්ය මණ්ඩලයට ප්‍රතිකාර සඳහා ගත වන අමතර කාලය ද අවම වේ. උසස් තාක්ෂණය සහ ප්‍රතිකාර සඳහා ගතවන කාලය අවම වීම යන කරුණු නිසා රෝගියාට වාසිදායක ය.
පෙර සම්ප්‍රදායික විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගියෙකු සඳහා අනුගමනය කළේ සාමාන්‍ය පටක කිරණවලින් ආරක්ෂා කරන ලිනියර් අක්සලරේටරයට ම සවි වූ ලීඩ් බ්ලොක්ස් මගිනි. එකිනෙකා වෙනුවෙන් මෙම බ්ලොක්ස් තාක්ෂණවේදීන් විසින් නිපදවූ අතර ඒවා නිපදවීමට වැඩි කාලයක් යෙදවීමට වූවා සේ ම ප්‍රතිකාරයට පෙර මේවායේ නිරවධ්‍යතාව්‍ය ද තහවුරු කර ගැනීමට අවැසි විය. ප්‍රතිකාරය ලබා දෙන විට, චිකිත්සකයා විසින් ප්‍රතිකාර කාමරය වෙත ගොස් රෝගියාගේ ඉරියව්ව වෙනස් කර මෙම බ්ලොක්ස් ද වෙනස් කළ යුතුය. මේ නිසා රෝගියාට වැඩි වේලාවක් ප්‍රතිකාර සඳහා යෙදවිය යුතු වේ. පරිගණක ගත කළ ඇක්සලරේටරය මගින් ඒ ඒ රෝගියා වෙනුවෙන් පරිගණකය වෙනස් ව හසුරුවයි. එමනිසා ඔහුට/ඇයට දිනපතා ම වැඩිදුර යෙදවුම්වලින් තොරව ප්‍රතිකාර ලබා ගත හැකිය. නිරවද්ය නොවන දත්තයන් ලබා දීම ද මෙමගින් වැළකේ. සැලසුමට අදාළ නොවන දත්ත ඇතුළත් වූ වහාම ඒවා අවලංගු වේ.
IMRT තාක්ෂණය මගින් විකිරණ ප්‍රතිකාර තාක්ෂණය වැඩිදියුණු තත්ත්වයට පත් කරඇත. කිරණ කදම්භයේ දිශානතිය නිවැරදිව ලබා දිය හැකි නිසා විකිරණ මගින් සාමාන්‍ය පටක ආරක්ෂා වේ. පිළිකා රෝග විශේෂඥයින් හට අඩු මාත්‍රාවක් ලබා දිය යුත්තේ කොතැනට ද, වැඩි මාත්‍රාවක් ලබා දිය යුත්තේ කොතැනට ද යන්න තීරණයකළ හැකිය. එමෙන්ම පිළිකාව වෙත වැඩි විකිරණ ප්‍රමාණයක් ඉලක්ක කිරීමට හැකි නිසා අතුරු ප්‍රතිඵල ද අවම වේ.
ප්රොස්පේට් පිළිකා රෝගීන්, හිසේ සහ බෙල්ලේ පිළිකා රෝග ප්‍රතිකාර සඳහා IMRT තාක්ෂණය විශේෂ ආයතනයන්හි දැනටමත් භාවිත වේ. ප්‍රධාන අවයවයන්ට හානි නොවී ප්‍රතිකාර ලබා දිය හැකි නිසා මෙම ක්‍රමයය පියයුරු පිළිකා සඳහා භාවිත කර හොඳ ප්‍රතිඵල ලබා ඇත. පිළිකා රෝග විකිරණ ප්‍රතිකාර තාක්ෂණයෙහි මෙම ක්‍රමයය ප්‍රධාන වන්නේ පෙර නිපදවීමට නොහැකිවූ මාත්‍රාව නිසාය. IMRD මගින් ප්රවිකිරණ ක්ෂේත්‍රය පික්සලයන් සිය ගණනකට කඩා දමා සෑම පික්සලයක ම මාත්‍රාව පාලනය කිරීමට වෛද්‍යවරයාට අවස්ථාව ලබා දේ. ආසියාවේ ලිනියර් අක්සලරේටරයක් සහ IMRT සහිත ප්‍රතිකාර සැලසුම් පද්ධතියක් සහිත සුළු ප්‍රමාණයක් වූ රෝහල් අතුරෙන් එකක් වීම පිළිබඳව අපට ඇත්තේ ආඩම්බරයකි.