ඔබගේ හෝ ඔබගේ සමීපතමයෙකුට පිළිකා රෝගය වැළඳීම දුෂ්කර මෙන්ම ආතතියෙන් යුතු කාලයකි. පිළිකා ප්‍රතිකාර අභියෝගවලින් හෙබි සහ කලකිරීමට පත්වන කාලයකි.එමකාලය සැමට ම විශේෂ මිතුරකුගේ සහාය අවැසි වන මොහොතකි.
පිළිකා රෝගීන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට සහයවීමට නොමිලයේ, විශ්වාසී සේවයක් අප විසින් සපයමු. අප ආයතනයේ සේවා සපයන කණ්ඩායම විශේෂයෙන් පිළිකා රෝගීන් හට සහාය වීම සඳහා වෘත්තීය මට්ටමින් පුහුණු වූ අත්දැකීම්වලින් සපිරි පිරිසකි. අපගේ සේවයඑක් එක් රෝගියා වෙනුවෙන් වෙන වෙන ම ලබා දෙයි. 'කෙයා ගිවර්' සේවාව සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව මගින් නොමිලයේ ලබා දේ.
අපගේ කාර්යයභාරය අප විසින් ඔබගේ අත්දැකීම් බෙදා ගැනීමටත්, නිදහසේ කතා කිරීමටත්, නව මිතුදම් ඇති කර ගැනීමටත්, පිළිකාව සමග ජීවත්වීමටත්, එම අත්දැකීම තමන්ට පමණක් අවේණික නොවන බවත් අනෙක් රෝගීන්ටද මෙම අත්දැකීම් අත්විඳීමට සිදුවන බවටත් තේරුම් කර දීම.
ප්‍රතිකාර පිළිබඳව අවවාද ලබා නොදීම සහ නිර්දේශයන් ලබා නොදීම.
ඔබත් වෛද්‍යවරයා අතර සහ ප්‍රතිකාර ලබා දෙන කාණ්ඩයම අතර ඇති සබඳතා සඳහා මැදිහත් නොවීම.
ඔබ භාවිත කරන ඖෂධ හෝ අතිරේකයන් පිළිබඳව අදහස් හෝ මතයන් ඉදිරිපත් නොකිරීම.
ඕනෑම වේලාවක අමතා පණිවුඩයක් ලබා දෙන්න. ඔබගේ ඇමතුමට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා ඇත. එකිනෙකා වෙනුවෙන් වෙන වෙන ම පුද්ගලිකව සේවාවන් ලබාදෙන නිසා ඔබගේ 'කෙයාර් ගිවර්' විසින් හැකි ඉක්මනින් ඔබ වෙනුවෙන් වෙන් කරනවා ඇත.
| නම | ලිපිනය | ඊ-මේල් |
|---|---|---|
| සිසිර ජයලත් මහතා | 25, තුන්වෙනි පටුමග, රත්මලාන | |
| නයනා ගෝමස් මහත්මිය | 128/6, කොස්වත්ත පාර, නාවල. | |
| පුෂ්පා පීරිස් මහත්මිය | සිරිවේද වලව්ව, පානදුර | |
| ප්‍රීති බෝපෙආරච්චි මහත්මිය | 65A,දුම්රියපොළ පාර, වත්තල | [email protected] |
| ප්‍රේමනී පෙරේරා මහත්මිය | 70, චකින්දාරාම පාර, රත්මලාන | |
| ඉරෝමා සිල්වා මහත්මිය | 104/3, පළමු පටුමග, ගැමුණුපුර, කඩුවෙල. | |
| ශීලා පෙරේරා මහත්මිය | 133A, පරණ තලවතුගොඩ පාර, බැද්දෙගාන, පිටකෝට්ටේ | |
| කුමුදුනි අමීන් මහත්මිය | 15/3, ප්‍රධාන පාර, බත්තරමුල්ල | [email protected] |