X

ටෝමෝ චිකිත්සාව අද වන විට ලෝකයේ පිළිකා සඳහා ඇති උසස් ම ප්රතිකාරය යි.

නවීන තාක්ෂණයෙන් අනූන ටෝමෝ චිකිත්සාව අද වන විට ලෝකයේ පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා නිරවද්‍යතාවයෙන් වැඩි ක්‍රියාමාර්ගයකි.

ටෝමෝ චිකිත්සාව යනු කුමක්ද?

ටෝමෝ චිකිත්සාව තීව්රතාවයෙන් නිපදවන විකිරණ ප්‍රතිකාර සහ පරිගණක ටෝමෝග්රැෆි තාක්ෂණයෙහි සංකලනයක් එකම යන්ත්‍රයකින් ලබා ගත හැකි ක්‍රමයයකි. මෙම උසස් තාක්ෂණය මගින් බලවත් සහ සියුම් විකිරණ කදම්භයන් ළඟා වීමට අපහසු පිළිකා සඳහා ලබා දිය හැකිය. සෑම ප්‍රතිකාරයකට ම පෙර සී.ටී.සිමියුලේෂන් පරීක්ෂණයකින් පසු පිළිකාවේ හැඩය සහ ස්ථානය නිරීක්ෂණය කළ හැකි නිසා නිරෝගී පටක සහ අවයව කිරණ වෙත නිරාවරණය වීම අවම කරයි. 

 

එය ක්‍රියාකරන්නේ කෙසේද?

සෑම ප්‍රතිකාරයක් ලබා දීමට පෙර ම උසස් ස්කෑන් තාක්ෂණය මගින් ප්‍රතිකාරය ලබා දිය යුතු ස්ථානයේ ත්‍රිමාණ රූපයක් ලබා දෙන නිසා, ඒ දිනයට අදාළව පිළිකාවේ ප්‍රමාණය, හැඩය සහ ස්ථානය ඉලක්ක කර විකිරණ කදම්භ නිකුත් කිරීමට හැකිය. ප්‍රතිකාරය ලබා දෙන විට විකිරණ කදම්භයේ තීව්රතාවය සහ දිශාව තත් කාලයේ දී ම වෙනස් කිරීමට හැකිය. රිවලුෂනරි ස්ලයිස් තෙරපි (revolutionary slice therapy) මගින් එක විට එක් ස්ථරයක් සඳහා ප්‍රතිකාර කරයි. බොහෝ විට අතුරු ආබාධ අවම වන්නේ විකිරණ නිරෝගී පටක සහ අවයවවලට ළඟා නොවන නිසා ය.

360° බෙදා හැරීම

සම්ප්රදායික යන්ත්‍ර නිර්මාණය කර ඇත්තේ දිශාවන් කිහිපයකින් පමණක් කිරණ නිකුත් කිරීමට ය. TomoTherapy treatment systems ලිනියර් ඇක්සලරේටර් රින්ග් ගැන්ට්රි වැනි සී.ටී. ස්කෑනරයකට සවි කර ඇති නිසා ටෝමෝ තෙරපි ප්‍රතිකාර නොනවත්වා සෑම දිශාවකින්ම රෝගියාට ලබා දිය හැකිය. දිශා ගණන වැඩි වන විට වෛද්‍යවරුන්ට ඔවුන් ප්‍රතිකාර සැලසුම් කිරීමට සහාය ලබා දෙන අතර දීර්ඝ සහ කෙටි කාලීන අතුරු අබාධ අවදානම අවම කරමින් පිළිකාව ඉලක්ක කරමින් ම මාත්‍රාව ලබා දෙන බවට සහතිකයක් ලැබේ.

ඉලක්ක ගත කළ කුඩා කදම්භයන් දහස් ගණනක්

ටෝමෝ චිකිත්සා ප්‍රතිකාර පද්ධතිය සතු මල්ටි ලිෆ් කොලිමේටර් (MLC) මගින් විකිරණ කදම්භය පිළිකාව ඉලක්ක කර ගත් කුඩා කොටස් ගණනාවකට බෙදීම සිදු කරයි. සාමාන්‍යයෙන් දහස් ගණනක් එක් ටෝමෝ තෙරපි ප්‍රතිකාරයකදී භාවිත කරයි. බලවත් මෘදුකාංගයක් මගින් සමස්ත පිළිකාව කෙරෙහි මෙම සම්පූර්ණ මාත්‍රාව ලබා දෙන අතර නිරෝගී පටක කිරණ සඳහා ටෝමෝ තෙරපි නිරාවරණය වීම අවම කරයි. 

සෑම රෝගියෙකුට ම සෑම දිනකම CTrue රූප මග පෙන්වීම

අපගේ අද්විතීය රින්ග් ගැන්ට්රිය නිර්මාණය කර ඇත්තේ 360° බෙදා හැරීමේ ක්‍රමයයට සහාය වීමට යි. ඇතැම් විට වඩා වැදගත් වන්නේ සත්ය සී.ටී. රූප මගින් දිනපතා ම සෑම ප්‍රතිකාර වාරයක දී ම සහාය වීම යි. අනෙක් කිසිදු විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයකින් මෙවැනි රූප මගින් මග පෙන්වන ඍජු ඒකාබද්ධතාවයක් සහ විකිරණ මාත්රික විකිරණ චිකිත්සාවක් සිදු නොවේ. 

 

රූප මගින් මග පෙන්වන විකිරණ ප්‍රතිකාර(IGRT)

පිළිකා තාක්ෂණයේ නවීනතම හඳුන්වාදීමක් වන රූප මගින් මග පෙන්වන විකිරණ ප්‍රතිකාර අප විසින් සිදු කරයි.

ශ්වසනය සහ අනෙකුත් ශරීර චලනයන් නිසා ටියුමර් එහා මෙහා ගමන් කරයි. IGRT මගින් ප්‍රතිකාර ලබා දෙන වෙලාවේ දී ටියුමරය ඇති ස්ථානය හඳුනා ගැනීමට සහාය වේ. මෙම තාක්ෂණය සමග ටියුමරයක් එහා මෙහා ගමන් කළ ද අප හට නිවැරදි විකිරණ ප්‍රතිකාර ලබා දිය හැකිය.

තවදුරටත් සැලසුම් කළ පරාසයෙන් පිටතට ටියුමරය ගමන් කළහොත් අපගේ විකිරණ විශේෂඥයින්ට අවශ්‍ය වන තාක්ෂණික වෙනස් කිරීම ද සිදු කළ හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ටියුමරයට විකිරණ ප්‍රතිකාරය හැකි උපරිමයෙන් ලබා දීමටත්, නිරෝගී සෛල කිරණ සඳහා නිරවරාණයවීම අවම කිරීමට සහ කිරණ වල ඇති අතුරු ආබාධ අවම කිරීමට උපකාරී වේ. 

 

ටෝමෝ චිකිත්සා ප්‍රතිකාර සැලසුම් පද්ධතිය

සැබෑ තීරු තුනක් ඔස්සේ ටෝමෝ චිකිත්සා සැලසුම්කරණ පද්ධතිය මගින් ඉක්මනින් සහ සැබෑ ලෙස සංකීර්ණ IMRT හෝ 3DCRT ප්‍රතිකාර සැලසුම් කිරීම සරල සහ සංකීර්ණ පරාසයෙන් සිදු කිරීමට හැකිය. 

ටෝමෝ චිකිත්සා ප්‍රතිකාර සැලසුම් පද්ධතිය මගින් ප්‍රතිකාර නියම කර මාත්‍රමිතික ඉලක්ක සහ දුර්වලතා අඩංගු හඳුනා ගත් සී.ටී. සහ ඇනටෝමිකල් ව්‍යුහය  දත්ත සැලසුම් ප්‍රශස්තකරණය කරයි. ත්‍රිමාණ මත්‍ර බෙදා හැරීම සහ මත්‍ර ප්‍රමාණ හිස්ටෝග්රමයන් (DVHs) විශ්ලේෂණාත්මක අයිතම පිළිගැනීමට හෝ නොපිළිගැනීමට සහ සැලසුම් කළ මාත්‍රාව යළි ප්‍රශස්තකරණය කිරීමට හැකිය. 

ටෝමෝ චිකිත්සක මගින් VoLOTM සැලසුම්කරණ මෘදුකාංගය  ඇතුළත් අයිතමයන් රැසක් ලබා දෙයි.

  • VoLO තාක්ෂණය මගින් ප්‍රතිකාර සැලසුම්කරණය වේගවත්, නම්‍යශීලි, අන්තර් ක්‍රියාකාරී ප්‍රතිකාර සැලසුම් රෝගීන්හට ලබා දීමට සහය වේ. මෙම සැලසුම් ගණකය මගින් ග්‍රැෆික් මගින් ක්‍රියාකාරී ඒකකයක් (GPU), GPU හි සමාන්තර මෙහෙයුම් හැකියාවන්වලින් විනාඩි ගණනක් තුළ මත්‍ර ගණනය කිරීම සහ යොදා ගැනීම සඳහා සහාය වන දෘඪාංග සහ මෘදුකාංගයන්ගෙන් සමන්විත ය. සංකීර්ණ ප්‍රතිකාර සඳහා අවශ්‍ය කුඩා සහ විශාල සැලසුම් රැසක් වුව ද මෙහි මතකයේ ගබඩා කරතැබිය හැකිය. 

 

ටෝමෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම

TomoHD පද්ධතිය මගින් TomoHelical සහ TomoDirect එක් සංකීර්ණ විසඳුමකට සම්බන්ධ කරයි. එමගින් සංකීර්ණ සායනික සංඥා, විකිරණ විශේෂඥ භාවිතයන් රෝගීන්ට ලබා දෙයි. මෙම විසඳුම මගින් ඔබට ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති ටියුමරයකට නිශ්චිත ලෙස සහ කාර්යක්ෂමව ප්‍රතිකාර කිරීමට හැකිය.

කාර්යක්ෂමතාවය සහ කාර්යය සාධනය සඳහා මනාව සකස් කර ඇති TomoHD පද්ධතිය පුළුල් ඒකාග්‍රතාවයක්, OIS සම්බන්ධතාවය, භාවිතය වැඩි සහ කාර්ය සාධනයෙන් ඉහළ තත්ත්වයන් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇත. තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා වැඩි කාර්යය නම්‍යශීලිත්වයක් ඔස්සේ පැරණි මධ්‍යස්ථාන මත  පදනම් වූ විකිරණ ප්‍රතිකාර පද්ධති සඳහා අවශ්‍ය වූ බංකරවලට වඩා කුඩා බංකර සඳහා පද්ධතිය සක්‍රීය කර ඇත. 

 

ටෝමෝ ක්‍රියාවලිය

ටෝමෝ තෙරපි මගින් නව ක්‍රමවේදයක් හරහා පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දෙයි. සායනිකවේදීන්ට මෙන්ම රෝගින් හට ද මෙම ක්‍රියාවලිය එක සේ උපකාරී වේ. 

සැලසුම්කරණය

ටෝමෝ තෙරපි ප්‍රතිකාරයක් අරම්භ කිරීමට පෙර වෛද්‍යවරයා මගින් ප්‍රතිකාරයේ ප්‍රමාණය නිවැරදිව තීරණය කිරීමට, අවදානම් කලාපයන් හඳුනා ගැනීමට ස්කෑන් තාක්ෂණයන් (CT සහ MRI වැනි) ගණනාවක් හරහා ත්‍රිමාන රූප ලබා ගනියි. ඉන්පසු ප්‍රතිකාරය සඳහා කෙතරම් කිරණ අවශ්‍ය ද යන්න තීරණය කරයි. වෛද්‍ය නියමයන් හා සැසඳෙන ලෙස ලබා දෙන කිරණ කදම්භයේ රටාව, ඉරියව්ව සහ තීව්රතාවය ටෝමෝ තෙරපි ප්‍රතිකාර පද්ධතිය මගින් තීරණය කරයි. 

රෝගියාව ස්ථාන ගත කිරීම.

ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රය මෙන්ම CT ස්කෑනරය ද ප්‍රතිකාරයන්ට පෙර වෛද්‍යවරයට CT පරීක්ෂණයක් සිදු කිරීමේ අවස්ථාව ලබා දෙයි. ස්කෑන් පරීක්ෂණයෙන් පසු පිළිකාවේ ස්ථානය සහ අවශ්‍ය නම් රෝගියාගේ ඉරියව්ව විකිරණ නිවැරදිව ලැබෙන පරිදි වෙනස් කළ හැකිය. 

නිවැරදි ප්‍රතිකාර ලබා දීම.

ටෝමෝ චිකිත්සක  ප්‍රතිකාර පද්ධතිය මගින් කිරණ නිකුත් කරන්නේ සර්පිලාකාර හෝ විවික්ත කෝණයකින් ය.ප්‍රෝටෝන් විකිරණය නිපදවන්නේ ලිනියර් ඇක්සලරේටරයකිනි. එය රෝගියා වටා ගමන් කර මල්ටි ලිෆ් කොලිමිටර් තුළට හෝ කදම්භයේ හැඩය වෙනස් කරන MLC තුළට ගමන් කරයි. එම මොහොතේ ම වළල්ලේ කේන්ද්‍රයට කවුචය මගින් රෝගියාව සෙමින් රැගෙන එයි.

logo