
ලෝකයේ අද වන විට පිළිකා ප්‍රතිකාර සඳහා ඇති උසස් ම ක්‍රමවේදය මෙය ලෙස සැලකේ. මෙය සංයුක්ත, උසස් ත්රිමාන රූප ගත කිරීම හරහා විකිරණ චිකිත්සාව ලබා දෙන ක්‍රමයයකි.
Read Moreලෝකයේ අද වන විට පිළිකා ප්‍රතිකාර සඳහා ඇති උසස් ම ක්‍රමවේදය මෙය ලෙස සැලකේ. මෙය සංයුක්ත, උසස් ත්රිමාන රූප ගත කිරීම හරහා විකිරණ චිකිත්සාව ලබා දෙන ක්‍රමයයකි. කුඩා ම පිළිකාවකට වුවද TomoHD ඒකකය හරහා නිශ්චිත ලෙස විකිරණ ප්‍රතිකාර ලබා දිය හැක. අනෙකුත් වාසි සහගත තත්ත්වයන් ලෙස නිසි ලෙස ඉලක්ක කිරීමට ඇති හැකියාව, නිරෝගී සෛලවලට ඉතා අඩුවෙන් හානිකාරී වීම සහ සාපේක්ෂව ප්‍රතිකාර සඳහා අඩු කාලයක් වැයවීම දැක්විය හැකිය.
ටෝමෝ තෙරපි පද්ධතිය ප්‍රතිකාර යන්ත්‍රයක් මෙන්ම සී.ටී.ස්කෑනරයකි. ප්‍රතිකාරයට පෙර සී.ටී. පරීක්ෂණයක් සිදු කළ හැකි නිසා පිළිකාවේ ස්ථානය නිවැරදිව දැනගැනීම සහ ඒ අනුව රෝගියාව නිවැරදි ඉරියව්වේ සහ ස්ථානයේ තබා ගැනීමට හැකිවේ. ටෝමෝ තෙරපි ප්‍රතිකාර ක්‍රමයයේ දී සර්පිලාකාර රටාවකට හෝ විවික්ත කෝණයකින් විකිරණ නිකුත් කරයි. රෝගියා නිදන කවුචය වළල්ලේ කේන්ද්‍රයට රෝගියාව සෙමින් සෙමින් ගෙන යයි. ටොමෝ තෙරපි මගින් ශරීරයේ සෑම ස්ථානයකම පිළිකා සඳහා ප්‍රතිකාර ලබා දෙන අතර පිඩියැට්රික් පිළිකා, හිස සහ බෙල්ලේ පිළිකා, අග්න්යාශ පිළිකා, වම්පස පියයුරු පිළිකා සහ ඇනල් සහ රෙක්ටල් පිළිකා සඳහා විශේෂ ය.

ඉමෝබිලයිසේෂන් උපකරණ සෙලින්කෝ හෙල්ත් කෙයාර් හි ටෝමෝ තෙරපි රෝගීන්ට ලබා දෙන සේවාවන් තව තවත් දියුණු මට්ටමෙන් ලබා දීම සඳහා ඉමොබිලයිසේෂන් උපකරණ සහ ස්ටීරියෝ ටැටික් බොඩි රේඩියේෂන් තෙරපි පැකේජ සඳහා ආයෝජනය කර ඇත.
Read Moreඉමෝබිලයිසේෂන් උපකරණ සෙලින්කෝ හෙල්ත් කෙයාර් හි ටෝමෝ තෙරපි රෝගීන්ට ලබා දෙන සේවාවන් තව තවත් දියුණු මට්ටමෙන් ලබා දීම සඳහා ඉමොබිලයිසේෂන් උපකරණ සහ ස්ටීරියෝ ටැටික් බොඩි රේඩියේෂන් තෙරපි පැකේජ සඳහා ආයෝජනය කර ඇත. පිළිකා ප්‍රතිකාරවල දී රෝගියාව යොමු කිරීමේ කාර්යය සහ විකිරණ ලබාගැනීම සඳහා නිවැරදි ලෙස රෝගියාව ස්ථානගත කිරීම යන කාරණාවල දී වැදගත් කාර්යයභාරයක් සිදුකරයි. මෙමගින් නිවැරදි ලෙස විකිරණ අවශ්‍ය ස්ථානයට ඉලක්ක කිරීම පහසු වේ. මෙම උපකරණයේ හිස සහ ගෙල සඳහා උපකරණයක් ඇති අතර එය හිස, ගෙල, මොළය ආශ්‍රිත ප්‍රතිකාරවල දී සහාය වන අතර පෙල්විස් පද්ධතිය මගින් පහසු සහ නිවැරදි ලෙස ස්ථානගත කිරීමට සහාය වේ. ස්ටීරියෝ ටැටික් රේඩියෝ සර්ජරි ඉමොබිලයිසේෂන් ඩිවයිස් මගින් කුඩා පරිමාණයේ මොළයේ ටියුමර් සහ ඇබ්ඩොමිනල් සහ පෙල්වික් ඉමොබිලයිසේෂන් උපකරණ මගින් පෙනහළු, උදරය සහ පෙල්වික් ආශ්‍රිත කුඩා හෝ සැලකිය යුතු ප්‍රමාණයේ ටියුමර් සඳහා ස්ටීරියෝ ටැටික් බොඩි රේඩියේෂන් තෙරපි ලබා දීමට යොදා ගනියි.

අපගේ විකිරණ ප්‍රතිකාර ඒකකයේ නව සී.ටී. සිමියුලේටරය මගින් ප්‍රතිකාර ලබා දීම නව මානයක් වෙත ගෙන ගොස් ඇත. සී.ටී. සිමියුලේටරය පිළිකා ප්‍රතිකාරයන් සඳහා භාවිත කරන විකිරණ ප්‍රතිකාරයන්හි ඇති අතී නවීනතම ක්‍රමයයකි.
Read Moreඅපගේ විකිරණ ප්‍රතිකාර ඒකකයේ නව සී.ටී. සිමියුලේටරය මගින් ප්‍රතිකාර ලබා දීම නව මානයක් වෙත ගෙන ගොස් ඇත. සී.ටී. සිමියුලේටරය පිළිකා ප්‍රතිකාරයන් සඳහා භාවිත කරන විකිරණ ප්‍රතිකාරයන්හි ඇති අතී නවීනතම ක්‍රමයයකි. සී.ටී. සිමියුලේටර් මගින් ත්රිමාන තාක්ෂණය හරහා රෝගියකුගේ ටියුමර් තත්ත්වයක් ස්ථානගත කිරීම, හැඳින්වීම සහ ප්රතිස්ථාපනය කළ හැකිය. මෙම ක්‍රමයයේ දී ටියුමර් අවට ඇති නිරෝගී පටක ද හඳුනා ගන්නා නිසා විකිරණ විශේෂඥයාට රෝගියා සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රමයය සැලසුම් කර ගැනීමට උපකාරී වේ. මෙමගින් විකිරණවේදියාට ප්‍රතිඵල ගෙන දෙන ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා සී.ටී. සිමියුලේටරයක් ඉතාමත් වැදගත් ය. සම්ප්රදායික CAT ස්කෑන් යන්ත්‍රයකින් මෙය බොහෝ පැතිකඩයන්ගෙන් වෙනස් ය. අභ්‍යන්තර සහ බාහිර ලේසර් ස්ථරයන් මගින් ප්‍රතිකාර ඇඳ මත සිටින රෝගියාට නිසි ලෙස ඉලක්ක වේ.කුඩා සලකුණු මගින් රෝගියාගේ අභ්‍යන්තර ශරීරයේ සහ ටියුමරයේ සලකුණු කරයි. සිමියුලේටරයේ ස්ථානගත වීම නිවැරදිව වර්තා ගත කළ හැකිය. සති 5-8 පුරාවට ම මෙම ප්‍රතිකාරය නැවත ලබාදීමේ දී එම දත්තයන් උපකාරී වේ. මෙම තොරතුරු සියල්ලක් ම ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රය වන ත්රිමාන සැලසුම්කරණ පරිගණකයට සහ ලිනියර් ඇක්සලරේටරයට ලබා දෙයි. දිනපතා ප්‍රතිකාරයන්හි නිරවද්යතාවය තහවුරු කර ගැනීමට පරීක්ෂණ කිහිපයක් සිදු කරයි. සී.ටී. සිමියුලේටරය මගින් රෝගියා මධ්‍යස්ථානයේ ගත කළ යුතු කාලය අවම කරයි. එමගින් සී.ටී. පරීක්ෂණයක් විනාඩි 3-5 අතර කාලයක දී සිදු කළ හැකිය. මෙම යන්ත්‍රයේ ම අධි බලැති විකිරණ ප්‍රතිකාර සඳහා සංකේතාත්මක ඛණ්ඩාංක ලබා ගත හැකිය. රෝගියෙකුට සැබෑවට ම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ද හමුවීමේ වේලාවක් ලබා ගත හැකිය. මෙම තාක්ෂණයන්ගෙන් සන්නද්ධව අපට නිහතමානිව ආඩම්බර විය හැක්කේ අපගේ රෝගීන් හට උසස් ම ප්‍රතිකාර අප මධ්‍යස්ථානයෙන් ලබා දීමට අප පොහොසත් නිසා ය.