X

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මගින් පිළිකා සඳහා විවිධ ප්‍රතිකාර විධි ක්‍රම ලබාදෙයි.

රෝගියාගේ පිළිකා ස්වභාවය සහ වර්ගය අනුව අප විසින් විවිධ වර්ගයේ ප්‍රතිකාර ලබාදෙයි.

කෙමො චිකිත්සාව

කෙමො චිකිත්සාව මගින් රසායනික කොටස් රෝග ප්‍රතිකාර සඳහා යොදා ගනී. මූලිකව මකයිටෝක්සික් (anti-cancer) ඖෂධ පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගැනීම යි. පිළිකා කෙමො චිකිත්සාව ලබා දීමේ දී එක ඖෂධයක් හෝ ඖෂධ වර්ග කිහිපයක් එන්නත් හෝ බෙහෙත් පෙති ලෙස ලබා දෙයි. ක්‍රමයානුකූල ප්‍රතිකාරයක් ලෙස පිළිගැනෙන මෙම ක්‍රමයය ශල්‍යකර්මයක් හෝ විකිරණ චිකිත්සාවකට වඩා වෙනස් ය.

කෙමො චිකිත්සාව ඖෂධ මගින් පිළිකා සෛල බෙදී යාම සහ ප්‍රතිනිෂ්පාදනය නැවැත්විය හැකිය. ඖෂධ රුධිරය මගින් එහා මෙහා ගෙන යන නිසා ශරීරයේ කොතැනක පිළිකා සෛලතිබුණත් ඒවා තුලට ඖෂධවලට ගමන් කළ හැකිය. නමුත් මෙම ඖෂධ නිරෝගී සෛල වෙත ද ගමන් කරයි. නිරෝගී සෛලවලට කෙමො චිකිත්සාව නිසා සිදු වන හානිය අලුත්වැඩියා කළහැකිමුත් පිළිකා සෛල සඳහා එසේ නොවන නිසා ක්‍රමයානුකූලව එම සෛල මිය යයි.

පිළිකා රෝගීන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් කෙමො චිකිත්සා ප්‍රතිකාර ලබා ගනියි. පිළිකා රෝගීන් මිලියන ගණනක් කෙමො චිකිත්සා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එම රෝගී තත්ත්වයන්ට කෙමො තෙරපි හොඳින් ප්‍රතිචාර දක්වා ඇත. මෙම ක්‍රමයය මගින් කාර්යක්ෂමව පිළිකාව සඳහා ප්‍රතිකාර සිදු කළ හැකි අතර රෝගීන්හට තමන්ගේ ජීවිත සතුටින් සහ ඵලදායීව ගත කළ හැකිය. අතීතයේ කෙමො චිකිත්සාවෙහි තිබු අතුරු ප්‍රතිඵල දැන් පාලනය කර සහ වළකා ගෙන ඇති නිසා බොහෝ පුද්ගලයින්ට සාමාන්‍ය ජීවිතයේ වැඩ කිරීම, ගමන් බිමන් යාම වැනි කටයුතුවල ප්‍රතිකාර ගන්නා අතරවාරයේ ම සම්බන්ධ විය හැකිය.

කෙමො චිකිත්සා ප්‍රතිකාරයේ හැකියාවන් සහ අතුරු ප්‍රතිඵල පිළිබඳව දැනුවත්වීමෙන් ඔබට ඔබගේ ප්‍රතිකාර සහ සාත්තුසේවා පිළිබඳව සැලසුම් කළ හැකිය. ඔබගේ වර්තමාන තත්ත්වය සහ රෝගය පිළිබඳව හුරුපුරුදු ඔබගේ වෛද්‍යවරයා සමග ඔබගේ ප්‍රතිකාර පිළිබඳව විස්තර සාකච්ඡා කිරීම සිදු කළ හැකිය.

logo