X

සෙලින්කෝ හෙල්ත් කෙයාර් මගින් පිළිකා සඳහා විවිධ ප්‍රතිකාර විධි ක්‍රම ලබාදෙයි.

රෝගියාගේ පිළිකා ස්වභාවය සහ වර්ගය අනුව අප විසින් විවිධ වර්ගයේ ප්‍රතිකාර ලබාදෙයි.

විකිරණශීලි අයඩින් ප්‍රතිකාරය

විකිරණශීලි අයඩින්(RAI) සාමාන්‍යයෙන් සිදු කරන්නේ අධික තයිරොයිඩ් (ඕවර් තයිරොයිඩ්) තත්වයක්  නිසා ය. මන්ද එහි ඇති සරලත්වය නිසා ය. එය ලබාදෙන්නේ එක් මාත්‍රාවක් පමණකි. මෙහි අතුරු ආබාධ අවම හෝ අතුරු ආබාධ රහිත ක්‍රමයයකි.

RAI ක්‍රියාකරන්නේ කෙසේද?

මාළු, මුහුදු පැළෑටි, අයඩින් ගත කරන ලද ලුණු තුළින් ලැබෙන අයඩින්වලට සමාන අයඩින් RAI මගින් ලබා ගත හැකිය. RAIහි එකම වෙනස්කම වන්නේ එහි චිකිත්සක කාර්යය සිදු කිරීම සඳහා එමගින් ඉලෙක්ට්රෝන හෝ බීටා අංශුවක් නිකුත් වීම පමණි. මෙම ප්‍රතිකාරය පදනම් වන්නේ තයිරෝඩ් මගින් ක්‍රියාශීලි ලෙස අයඩින් රැස් කර සාමාන්‍ය පරිදි ශරීරය ක්‍රියා කිරීමට අවශ්‍ය තයිරොයිඩ් හොර්මොනයන් නිකුත් කරනවා යන සිද්ධාන්තය මත යි.

බෙහෙත් කරලක් ලෙස හෝ වතුරේ දියවෙන ලෙස ලබාදෙන RAI ඉතාමත් පහසුවෙන් බඩ සහ බඩවැල් විසින් උරා ගනියි. ඉන්පසු රුධිර ගමනය මගින් තයිරොයිඩ් කරා ගෙන ගොස් ග්‍රන්ථිය විසින් ඉහළට ගෙන යයි. මෙහිදී RAI විසින් ඇතැම් තයිරොයිඩ් සෛල ක්‍රියාකාරිත්වයට බාධා කරයි. අයඩින් විකිරණය වෙන තරම කෙතරම් ද එතරම් ප්‍රමාණයකින් තයිරොයිඩ් සෛල හි ක්‍රියාකාරිත්වය අඩපණ වේ.

අතුරු අබාධ

RAI ප්‍රතිකාරයේ අතුරු ආබාධ කිහිපයක් ඇති අතර ඒවා නිතර ඇති නොවේ:

අතුරු ආබාධය ප්‍රතිකාර
 RAI ප්‍රතිකාරයෙන් පසු උගුර වන වීම.  ඇසටමිනෝපෙන්
 ස්නායු ගෙල ඉදිමීම.  ඇසටමිනෝපෙන් දින කිහිපයක් යනතුරු සූකිරි උරන්න.
 ඔක්කාරය  අයඩින් පාලනයෙන් පසු පැය දෙකකට පෙර හා පසු ආහාර ගැනීමෙන් වළකින්න.

පූර්වාරක්ෂාව

ඇතැම් පූර්වාරක්ෂාවන් අත්‍යවශ්‍ය වන්නේ විකිරණයන්ගෙන් පවුල සහ මිතුරන් රැක ගැනීම සඳහා ය. මන්දයත් ප්‍රතිකාරයෙන් දින කිහිපයකට පසුත් RAI ගබඩාකර ඇති බෙල්ලේ සුළු ප්‍රමාණයන්ගෙන් පිටවේ.

  1. අනෙක් අය සමග විශේෂයෙන් ළමුන් සහ ගැබිණි කාන්තාවන් සමග නිරතුරු සම්බන්ධවීමෙන් වළකින්න. සැමවිටම සාමාන්‍ය දුරක් අවම වශයෙන් අතේ දුරින් රෝගියා සහ සාත්තුකරන්නා හෝ සෑම පැය 24කටම පැය දෙකක් හෝ රෝගියා අසල කාලය ගත කරන්නන් අතර තිබිය යුතුය. මෙය විශේෂයෙන් ළමුන්ට සහ ගැබිණි කාන්තාවන්ට අදාළ ය. ප්‍රතිකාරයෙන් පසු රෝගියා සමග කෙටි සංවාදයක් කළ හැකි වුවත්, රෝගියා සමග නිදා ගැනීම, රූපවාහිනී බැලීම, චිත්‍රපට නැරඹීමට යාම, දිගු සාත්තු සේවා හෝ ගුවන් ගමන් ප්‍රතිකාරයෙන් ආසන්න වශයෙන් දින 11 යන තෙක් වළක්වා ගත යුතුය.
     
  2. ආහාර සහ උපකරණ බෙදා ගැනීම. වීදුරු, බෝතල්, සෝඩා කෑන්, ජලය, බියර්වලින් වැළකිය යුතුය.උදා:- ප්‍රතිකාර ලබා ගත් තැනැත්තා විසින් අයිස් ක්‍රීම්(ice cream)  අනුභව කරන විට එය වෙන කිසිවෙකු විසින් ආහාරයට නොගත යුතුය. ප්‍රතිකාර ලබා ගත් තැනැත්තා භාවිත කරන පිගන් සහ අනෙකුත් භාජන පවුලේ අනෙක් අය භාවිත කරන භාජන අසළ තැබීමට පෙර මනාව සෝදන්න. ප්ලාස්ටික් හෝ කඩදාසි පිගන් සහ අනෙකුත් දෑ භාවිත කළ යුත්තේ ඒවා භාවිතයෙන් පසු අපද්‍රව්‍ය සඳහා බැහැර කරන්නේ නම් පමණි. ආහාර පිසීමේ දී රස බැලීමට භාවිත කරන අයිතමයන් නැවත පිරිසිදු කරන තෙක් යළි භාවිත කිරීමෙන් වළකින්න.

  3. දියර වර්ග වැඩිපුර පානය කරන්න , දෙවරක් ෆ්ලෂ් කරන්න. RAI පිටවීම සඳහා ප්‍රතිකාර ලබා ගත් තැනැත්තා විසින් හැකි පමණ දියර විශේෂයෙන් ජලය පානය කළ යුතුය. නිතරම දෙවරක් ෆ්ලෂ් කරන්න. විසිරී ඇති මුත්‍රා ඇත්නම් ඒවා පිරිසිදු කරන්න. ප්‍රතිකාර ලබාගත් තැනැත්තා ව්‍යායාම කර වැඩියෙන් දහඩිය දමා ඇති විටෙක හැරෙන්නට සැමවිටම රෙදි වෙනම ම සේදීය යුතුය.

  4. ගැබ් ගැනීම සහ මව්කිරි ලබාදීමෙන් වළකින්න. RAI ලබාදුන් වහා ම මව්කිරි ලබා දීම නැවැත්විය යුතුය. මන්ද අයඩින් මව්කිරි සමග සාන්ද්‍රණය වීම සහ මව්කිරි සමග ශරීරයෙන් පිටවීමට හැකි බැවිනි. ගැබිණි මව්වරුන් සදහා RAI ලබා නොදිය යුතු සේම, කාන්තාවක් RAI ලබා ගත් පසු මාස 6 ගත වෙන තෙක් ගැබ් ගැනීමෙන් වැළකිය යුතුය.

 

logo