පිළිකා ප්‍රතිකාර විවිධාකාරයෙන් ලබා දෙන අතර එක් එක් රෝගියාගේ තත්ත්වය අනුව එය වෙනස් වේ. ප්‍රතිකාරය පිළිබඳව තීරණය කිරීමට පෙර පිළිකාවේ ප්‍රමාණය, පිහිටි ස්ථානය, පැතිරීම, පැතිරිය හැකි ප්‍රමාණය, රෝගියාගේ වයස, ලිංග භේදය, සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය සහ පුද්ගලික ප්‍රතිකාර මනාපයන් යන සාධක පිළිබඳව සැලකිලිමත් වේ.
සාමාන්‍ය සෛලවලට වඩා වැඩි වේගයෙන් පිළිකා සෛල වර්ධනය වේ. විකිරණ මගින් ඒවා ඉලක්ක කරයි. එම සෛල හි ඇති ජලය සමග ප්‍රතික්‍රියා කළ විට, සෛලය තුළ ඇති වර්ධනය පාලනය ඩී.එන්.ඒ. හෝ ජානමය දෑ සමග ප්‍රතික්‍රියා කරයි. සාමාන්‍යයෙන් තමන් විසින් ම අලුත්වැඩියා වී වර්ධනය වීමේ හැකියාව සෛලවලට ඇත. නමුත් එය පිළිකා සෛලවලට එසේ නොහැකිය. මෙම ක්‍රියාවලිය සාමාන්‍ය සෛල සඳහා බලපාන නමුත් ඔවුන් විසින් ම ඔවුන් අලුත්වැඩියා වීම වඩා කාර්යක්ෂමව සිදුවේ.
පිළිකා රෝග විශේෂඥයෙක් යනු රෝගීන්ගේ පිළිකා ප්‍රතිකාරවලට අදාළව කටයුතු කරන ඒවා කළමනාකරණය සිදුකරන පුහුණුව ලත් වෛද්‍යවරයෙකි. ඔහු/ඇය රසායනික චිකිත්සාව (chemotherapy) සහ විකිරණ ප්‍රතිකාර (radiotherapy) පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට සහ එහි බලපෑම වැළැක්වීම සඳහා යොදා ගනියි.
නවීන තාක්ෂණයෙන් යුතු පරිගණක (ඔන්චෙන්ට්ර, PLATO) භාවිතයෙන් විශේෂඥයෙක් සමග භෞතික වෛද්‍ය විශේෂඥයෙක් සහ චිකිත්සකයෙකු එකතුව සාමාන්‍ය සෛල රැකගනිමින්, පිළිකා සෛල විනාශකරන හොඳම ප්‍රතිකාර සැලසුම් විධි සංවර්ධනය කරයි.
සාමාන්‍යයෙන් ඔබට විකිරණ ප්‍රතිකාර ලැබෙන්නේ බාහිර රෝගී පදනමේ පිහිටා ය. පළමු හමුවීමට පැයකට ආසන්න කාලයක් ගතවන්නේ සුදානම් වීමට බොහෝ කාරණා ඇති නිසා ය. පසුව සිදුවන සෑම හමුවීමක් සඳහා ම ගතවන්නේ විනාඩි 15-30 අතර කාලයකි. ප්‍රතිකාරයෙන් පසු ඔබට නිවෙස් බලා ගොස් සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගත හැකිය.
අපගේ අත්දැකීම්වලින් හෙබි වෘත්තීය වෛද්‍ය කණ්ඩායම විසින් සෑම රෝගියෙක්ට ම ඔවුන් සඳහා ම විශේෂිත වූ ප්‍රතිකාර සැලසුම් නිර්මාණය කරයි.එම සැලසුම්වලට අනුව ප්‍රතිකාර සඳහා ලිනියර් ඇක්සලරේටර් හෝ අනෙකුත් සංකීර්ණ විකිරණ ප්‍රතිකාර ක්‍රමය වන Nucletron Micro Selectron HDR Brachytherapy Unit භාවිත කරයි.
මූලික හමුවීම රෝගියා සහ විකිරණ පිළිකා රෝග විශේෂඥයා හමුවී ප්‍රතිකාර විධි සාකච්ඡා කිරීම.
ස්ථානගත කිරීම අපගේ කණ්ඩායම විසින් ප්‍රතිකාරය සිදු කරන අවස්ථාවේ ඔබට පහසු ඉරියව්වක් සොයා ගැනීමට ඔබ සමග කටයුතු කරයි. ප්‍රතිකාරය අතරතුර ඔබ නිශ්චලව සිටීම වැදගත් නිසා පහසු ඉරියව්වක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් ය. ඉන්පසු චිකිත්සකවේදීයා විසින් අක්‍රීය තාප ස්ථායි ආවරණයක් පළඳවයි. එය උණුසුම් ජලයේ දී මෘදු වී දෘඪ නමුත් එහි සිසිල් සහ ඝන වීම එනමුත් පහසු අච්චුවක් රෝගියාගේ ශරීරය වටා සාදයි.
රූපගත කිරීම රෝගියාව සී.ටී. සිමියුලේටර් ස්කෑනරයක් මත දිගා කර රූපගත කිරීමේ ක්‍රියාවලියකට යොමුකර නිවැරදි ස්ථානගත කිරීමක් සහ ගැලපෙන ප්‍රතිකාර සැලසුමක් නිර්මාණය කරයි.
ප්‍රතිකාර සැලසුම් කිරීම සංකීර්ණ පරිගණක වැඩසටහනක් යොදාගනිමින් , කණ්ඩායම විසින් රූපගත කිරීමේ දී සහ ස්ථානගත කිරීමෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව රෝගියා වෙනුවෙන්ම ප්‍රතිකාර සැලසුමක් නිර්මාණය කරයි.
ප්‍රතිකාර ලබා දීම රෝගියා කවුචය මත දිගා වී සිටින අතරතුර, යන්ත්‍රය ඇඳ වටා භ්‍රමණය වෙමින් වේදනාවකින් තොරව නොපෙනන විකිරණ නිකුත් කරයි. ඇතැම්විට කවුචයද භ්‍රමණය වේ. කාමරයේ රෝගියා තනිව ම සිටින අතර අවශ්‍ය විටෙක ප්‍රතිකාරය අතරතුර කතා කිරීමට සහ නිරීක්ෂණ කටයුතු සඳහා චිකිත්සකවේදියා පිටත රැදී සිටියි.
පසු විපරම ප්‍රතිකාර ලබාදෙන කණ්ඩායම රෝගියාගේ තත්ත්වය රූපගත කළ පරීක්ෂණ, එක්ස්-රේ සහ රුධිර පරීක්ෂණ හරහා අධීක්ෂණය කරයි. හොඳම මට්ටමින් රැකබලාගැනීම සදහා වෛද්‍යවරුන් වෙත යොමු කරන රෝගීන් සමග සමීපව කටයුතු කරයි.
ඕනෑම වෛද්‍ය ප්‍රතිකාරයක අරමුණ වන්නේ රෝගියාව සුවකිරීම යි. පිළිකා ප්‍රතිකාරවලදී ද තත්ත්වය එසේම යි. කෙසේ නමුත් අතිශයින් ම නිවැරදි සහ ශ්‍රේෂ්ඨ සාත්තු සේවයක් අත්‍යවශ්‍යය වේ. තාක්ෂණික සංවර්ධනයන් විසින් රෝග නිශ්චයන් වඩා නිවැරදි කර ඇතුවාක් මෙන්ම ප්‍රතිකාර ක්‍රමය විධි කාර්යක්ෂම තත්ත්වයට ළඟා වීමට සහාය වී ඇත.
ඇතැම් උදාහරණ අතර බාහිර විකිරණය සඳහා යොදාගන්නා වඩාත් නිවැරදි බාහිර විකිරණ ක්රමයය ලෙස සැලකෙන ලිනියර් ඇක්සලරේටර්, මොඩියුලේටර් රේඩියේෂන් (IMRT) ක්රමයය සහ ත්‍රිමාණ කොන්ෆොමල් චිකිත්සාව ද පිළිකා ප්‍රතිකාර තාක්ෂණයන් අතර වැදගත් ය.
රූපගත කිරීමේ, රෝගියා ස්ථානගත කිරීමේ සහ ඉලක්ක කිරීමේ සිදුවී ඇති නූතන දියුණුව ද ප්‍රතිකාර හි ඇති කාර්යක්ෂමතාවය කෙරෙහි බලපා ඇත.
වර්තමානයේ පවතින තාක්ෂණය සමග රෝහල් ගත කිරීම පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය නොවේ. 95%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා දෙන්නේ බාහිර රෝගියෙකු යන පදනමෙහි පිහිටා වන අතර සෑම බාහිර රෝගියෙක් සඳහා ම ප්‍රතිකාර එක සමාන නොවේ.
පිළිකා මධ්‍යස්ථානයක් විසින් රෝගියා සමග විශ්වාසය ගොඩනඟා ගනිමින්වෛද්යවරුන්, හෙදියන්, තාක්ෂණවේදීන් සහ සහය කාර්ය මණ්ඩලය ද සමග එකතුව පිළිකා ප්‍රතිකාර විෂයෙහි සෑම පරාසයක ම කටයුතු සඳහා දායක විය යුතුය.මධ්‍යස්ථානය විසින් සැමවිට ම සෑම රෝගියෙකුට ම උසස් තත්ත්වයෙන් යුතු සේවාවක් ලබාදීමට කැපවිය යුතුය.
විශේෂඥයින් ඔබ වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දීමට අත්දැකීම්වලින් පොහොසත් සංවේදී වෘත්තිකයන් කණ්ඩායමක් සිටිය යුතු ම ය. සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව සතු විකිරණ විශේෂඥ කණ්ඩායමේ අත්දැකීම්වලින් සපිරි, ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටම විශේෂඥයින්ගෙන්, වෛද්‍යවරුන්ගෙන්, විකිරණවේදීන්ගෙන් සහ හෙදියන්ගෙන් සමන්විත ය.
පහසුකම් අවශ්‍ය කරන සෑම පහසුකමක් ම ඇති විට ඔබගේ ප්‍රතිකාර කටයුතු පහසු වේ. අප සතුව ඇති විකිරණ විශේෂඥ සුයිට් කාමර වර්ගය නිර්මාණය කර ඇත්තේ උසස් තත්ත්වයෙන් යුතු සාත්තු සේවයක් සුව පහසු පරිසරයක දී ඔබට ලබාදීම අරමුණු කරගෙන යි.
තාක්ෂණය උසස් ම ප්‍රතිකාර තාක්ෂණය මගින් ප්‍රතිඵල වැඩි කරගත හැකිය. සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාව සතුව උසස් තාක්ෂණයෙන් යුතු ටෝමෝ තෙරපි යන්ත්‍රය, ලිනියර් ඇක්සලරේටරය, මයික්‍රෝ සිලෙක්ෂන් බ්රැකීතෙරපි ඒකකය, සංකීරණ ත්‍රිමාන සී.ටී. සිටිමියුලේටරය, ප්‍රතිකාර සැලසුම්කරණ සහ තහවුරු කිරීමේ පද්ධතිය, රේඩියෝ අයඩින් ඒකකය සහ කෙමෝ තෙරපි පහසුකම්වලින් යුක්ත යි. ඒකකය, සංකීරණ ත්‍රිමාණ සී.ටී. සිටිමියුලේටරය, ප්‍රතිකාර සැලසුම්කරණ සහ තහවුරු කිරීමේ පද්ධතිය, රේඩියෝ අයඩින් ඒකකය සහ කෙමෝ තෙරපි පහසුකම්වලින් යුක්ත යි.
රෝගියා කෙරෙහි අවධානය ඔබට ඔබගේ තත්ත්වය සමග සටන් කිරීමට පුළුල් මෙන්ම සුහදශීලි සාත්තු සේවාවක් අවශ්‍යය. කාර්යක්ෂම ප්‍රතිකාර විධිවලට අමතරව, ප්‍රතිකාර මධ්‍යස්ථානය විසින් පෝෂණවේදීයකුගේ, සමාජ ක්රියාකාරීකයෙකුගේ, උපදේශකයකුගේ සේවාවන් රෝගියාට සහාය වීමට සහ රෝගියාගේ අධ්‍යයනය වෙනුවෙන් ලබාදෙයි.